
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදීම සදහා ලබාගත් ජනප්‍රිය නොවන දේශපාලන තීන්දු හා කැපකිරීම් වල ප්‍රථිඵල අප දේශපාලන වශයෙන් පරාජය කලත් රටක් ලෙස අත්පත් කරගත් වර්ධනයෙන් තෘප්තිමත් වීමට හැකියාව ලැබීම ගැන සතුටු වන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව නිමකිරිම පදනම්ව Fitch ශ්‍රේණිගත කිරිමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය "CCC+" දක්වා ඉහල දමා තිබිම සතුටට කරුණක් බවද හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එත කොට බංකොලොත් කරේ අපි වෙන්න ඇති ? දැන් රට බංකොලොත් නැහැ රටේ මිනිස්සු බංකොලොත් , රුපියල වැටෙනකොට 200% පමණ වැඩි වූ ජිවන වියදම් එහෙමමයි , උනු එකම වෙනස ඒ උඩට තව තවත් IMF බදු එකතු වීමයි
එතකොට හාල් පොල් නැති උනේ ඇයි. හාල් ස්ටොක් කරගන්න බැරි උන නිසානෙ. ඇයි ඒවා ගැන නොකියන්නෙ.
නැවෙන් බැහැල වගේ කතාව, තමුන්ගෙ සනුහරේ පක්ෂවල අය තමයි රට බංකලොත් කලේ, ඒකට ගත් ක්‍රියාමාර්ග වලට වඩා ජනතාව ප්‍රතිකේෂ්ප කලේ තමුන්ලගේ කල්ක්‍රියාව.
බොරු කියන්න එපා. ඔයාලා ගනිපු එකම තීන්දුව අයි.එම්.එෆ් යනවා කියලා විතරයි. ඉතිරි තීන්දු තීරණ සියල්ල අයි.එම්.එෆ් එකේ. එයාලා කියපු දේ කළා. අදටත් ඒක එහෙමයි. ඔය බදු ලයිට් වතුර ඉන්ධන මිල තීරණය එයාලගේ.
උඹලා වගේ නූගත්, අකාර්්‍යක්ෂම සෙට් එක එලවපු එක තරම් සෙතක් අපේ රටට නිදහසින් පස්සෙම වුණේ නෑ.
ඔයාල පරාජ උන එක රට බංකොලොත් භාවයෙන් මිදුන වගේම රටට සහනයක්. රාජ්‍ය වත්කම අව භාවිතය හා නාස්තිය පිළිබද කප් ගහලනේ ඔයාල හිටියේ.
හරියට වෙනකවුරු හරි රට බන්කොලොත් කළා වගේ කතාව. පව් මෙයා දන්නේ නැතිව ඇති මේ රටට දරා ගන්න බැරි විදියට ණය ගත්තේ මෙයාගේ නායකයෝ දෙන්නා රාජපක්ෂලා සහ රනිල් වික්‍රමසිංහ කියලා. වැරැදි තීරණ 1000ක් අරන් රට බන්කොලොත් කරලා එක හරි තීරණයක් අරන් දෙන පොර ටෝක්ස්...!