
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය සදහා ජනතාවට ප්‍රවේශ වීමට තිබෙන අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම අයිතිවාසිකම කඩවන අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීමට පවා එමගින් ජනතාවට හැකි වන්නේ යැයි ද අමාත්‍යවරයා කීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේ සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වාර්ෂික සමාජ සත්කාරක උත්සවය සදහා එක් වෙමිනි.
කොළඹ මහවැලි කේන්ද්‍ර ශාලාවේදී මෙය පැවැත්විණි.
දීර්ඝ ඉතිහාසයක් හිමි මෙරට සෞඛ්‍ය සේවාව ඉදිරියට පත්වා ගෙන යාමේ දී ව්‍යුහාත්මක වෙනසකට ඉතා කඩිනමින් පරිවර්තනය විය යුතු බව ද අමාත්‍යවරයා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ රෝහල්හි ඇති ප්‍රධාන ගැටලුව අධික රෝගී තදබදය යි. වස විස සහිත ක්ෂණික ආහාර ගන්නා ජාතියක් මෙන්ම අරක්කු කසිප්පු බොන ජාතියක් බවට පත්වී ඇති අප දැන් එම නිසාම රෝගී වී හමාර ය. එම පිරිස සමග දොස්තරවරුන්, හෙද හෙදියන්, සුළු සේවකයන් කරන්නේ සුළුපටු සේවාවක් නොවේ. මේ නොමේරු ඇමැත්තා මුලික අයිතිවාසිකම් නාමයට මුවා වී නටන්න හදන නාඩගම නිසා ඉහත කී පිරිසට තම තමන්ගේ රැකියාවන් එපා වෙන්නත් ඉඩ තියෙනවා.
ඔබතුමා කියන විදියට එහෙනම් කිසිම ලෙඩක් හැදෙන්නෙ නැතිව ඉන්න ඕනේ. රටේ කන්න තියෙන දේවල් තමයි මිනිස්සු කන්නේ. එහෙනම් මුලින්ම ක්ෂණික ආහාර අරක්කු ආදී සියලු දේවල් නවත්තන්න ඕනේ. මැක්ස් වෙලාවට සෞඛ්‍යට සම්බන්ධ සේවකයෙක් වෙන්න ඕනේ. ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට තියාගෙන වර්ජන කරේ ඔබතුමාලා නේද?
මැක්ස්, මේ නොමේරූ තැනැත්තාට වඩා කෙහෙළිය හොඳයි නේද..?