‘ග්‍රාම නිලධාරීන් ගැන නොබැලුවත් ප්‍රශ්නෙ ඔඩුදුවාවි‘ ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳුවේ නැතොත් ඔවුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බව පවසා ඇතැයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 May 2024
ඇමෙරිකාවේදී සම්මාන දිනූ සිසුන් තිදෙනා මෙරටට ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 2024 ජාත්‍යන්තර විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනය සහ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු , ඔවුන් ඉදිරිපත් කළ නව නිර්මාණ සදහා සම්මාන හිමි කර ගෙන අද (22) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 22 May 2024
පොල්ලකින් පහරදී ඝාතනය කරලා නිවසේ තනිව සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි වෙරළබඩ පොලිසිය කියයි. 22 May 2024
වායු කපොල්ලකට හසුවූ ගුවන් යානයේ මගියෙක් මරුට ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ සිංගප්පූරු ගුවන්සේවයට අයත් එස්.කිව් 321 ගුවන්යානය ඉහළ අහසේදි වායු රික්තකයකට හසුවීමෙන් එක් අයෙකු මියගොස් තවත් 71 දෙනෙකු තුවාල ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 22 May 2024
සජිත් විදුලි බිලට ඉක්මන් සහනයක් ඉල්ලයි පිරී ජල විදුලි නිෂ්පාදනය වැඩිවී ඇති හෙයින් විදුලි බිලට සහනයක් කඩිනමින් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 22 May 2024
ඉරාන ජනපති වෙනුවෙන් පාර්ලිමේන්තුව නිහඬ වෙයි ඉරාන ජනාධිපති මොහොමඩ් රයිසි මහතාගේ අභාවය වෙනුවෙන් සොව පළ කරමින් පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළේය. 22 May 2024
අපනශාලාවේ කතට අතවර කළැයි සැරයන් අත්අඩංගුවට බිංගිරිය පොලිසියේ ආපනශාලාවේ සේවය කළ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව බිංගිරිය පොලිසිය පවසයි. 22 May 2024
දුම්රියක් පීලි පනී දුම්රියක් පිලී පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි. 22 May 2024
ඩිලන්ත මාළගමුව ඉතාලි මෝටර් රථ තරගය ජයගෙන ලංකාවට එයි ලෝක ශූර , ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් අනතුරුව අද(22) අලුයම කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය . 22 May 2024
වැසි -සුළං අඩු නොවන හැඩ නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 May 2024
මස්සිනාගෙ කඩු පහරින් මස්සිනා මරුට මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි . 22 May 2024
පිලිපීන කත කුඩු සමග අල්ලයි රුපියල් කෝටි 20 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ පිලිපීන කාන්තාවක අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පවසයි. 22 May 2024
වරෙන්තු 59ක් ලබා සිටි කතක අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ පල කරනු ලබන දැන්වීම් මගින් සම්බන්ධ කරගනිමින් සෝයා මීට් නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා ඉහළ මුදලක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදු කර වරෙන්තු 59 ක් නිකුත් කර තිබූ ඇති කාන්තාවක ජා-ඇල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක් වශයෙන් සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 22 May 2024
ඝාතනයකට සම්බන්ධ දෙකක් මාස 11කට පසු මාට්ටු කොට්ටාව හොරණ පාරේ පෞද්ගලික රසායනාගාරයක් තුළදී මීට මාස එකොළහකට පෙර පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අයිස් ග්‍රෑම් විසි පහක්, ටී 56 වර්ගයේ ගිනි අවි වලට යොදන උණ්ඩ හතලිස් හයක් සමග අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. 22 May 2024
ඉරාන ජනපතිට බුලත් දුන් ගයිදු ලංකාදීපයට කතා කරයි ඉරාන ජනාධිපතිතුමා මත්තල ගුවන් තොටුපොළේදී සිංහල ක්‍රමයට බුලත් හුරුල්ලක් දී පිළිගත්තේ මමයි. හෙලිකොප්ටර් අනතුරකින් එතුමා මියගිය බව දැනගත්තාම දරා ගන්න බැරි දුකක් දැනුණායැයි උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ ඉරාන ජනාධිපතිවරයා පිළිගත් ඇඹිලිපිටිය බෝධිරාජ විදුහලේ එකොළොස් හැවිරිදි ගයිදු කිත්න ද සිසුවා පැවැසීය. 22 May 2024
මරාගෙන මැරෙන්න ඉන්දියාවට ගිය ලංකාවේ අයි.එස්ලා අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ක්‍රියාකාරී අයි.එස් ත්රස්තවාදීන් සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් බවත් ඔවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් ඉන්දියාවට පැමිණ ඇති බවත් ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව ගුජරාට් පොලිස් ප්‍රධානී විකාස් සාහේ මහතා ප්‍රකාශ කළේය. 21 May 2024
රේගුවේ පරිප්පු පිට පාරේ යයි ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරීන් පිරිසක් වෙනත් පාර්ශවයකට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට විකුණා ඇතැයි ආරංචි මාර්ගවලින් පැවසේ. 21 May 2024
පේරාදෙණි සරසවියේ යතුරු 21ක් වර්ජකයෝ අතේ පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ කාර්යාලය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් අධ්‍යයන දෙපාර්තමේන්තු 19 ක ඇතුළු කලාගාරයේ යතුරු 21ක් නීති විරෝධී ලෙස වැඩ බලන ප්‍රධාන ආරක්ෂක නිලධාරියා තම බාරයේ තබාගෙන සිටින බව එම පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි . 21 May 2024
බසයක් පෙරැළී හයක් රෝහලේ කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේ දී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් හයදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පුනරීන් පොලිසිය පැවසීය. 21 May 2024
පුංචි ජන්දය ඉල්ලන සජබ පෙත්සමට දින දෙයි නියමිත කාලයේ නොපවත්වා කල් දමා ඇති පළාත් පාලනය මැතිවරණය වහාම පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ හා සංවිධාන ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ දින හතරක කාලයක් පුරා විභාගයට ගෙන අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීරණය කළේය. 21 May 2024
සජබෙ ආසන සංවිධායක එජාපයට සමගි ජන බලවේගයේ මුල්කිරිගල ආසන සංවිධායක නිමල් ෆ්රැන්සිස්කෝ මහතා ඊයේ (21) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. 21 May 2024
‘අවදානමක් නැතිනම් පුත්තලමේ පාසල් අරඹන්න‘ ගංවතුර නිසා වසා දැමුණ පුත්තලම දිස්ත්රික්යෙ පාසල් ගංවතුර අවදානම පහව ගොස් ඇත්නම් පමණක් පවත්වන ලෙස වයඹ පළාත් ප්‍රධාන ලේකම් දිපිකා ගුණරත්න මහත්මිය පුත්තලම හා හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අද(21 ) උපදෙස් දුන්නාය. 21 May 2024
දිස්ත්‍රික්ක නවයකට නාය යාමේ අනතුරු ඇඟවීම් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 50 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (21) සවස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. 21 May 2024
නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු දෙන්න කැබිනට් අනුමැතිය අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි ඔහුගේ උරුමකරුවන්ට හිමිකම් ඔප්පු ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 21 May 2024
ඉරාන ජනාධිපතිගේ අවමගුලට සබ්රිත් යයි ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිස්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (21) රාත්‍රී දිවයිනෙන් පිටව යයි 21 May 2024
කසිප්පු පෙරූ එස් අයි ගේ වැඩ තහනම් කවරක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතරතුර මිහින්තලේ තම නිවෙසේ කසිප්පු නිෂ්පාදනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් I පොලිසි අධිකාරී කාර්යාලය පවසයි. 21 May 2024
අලි මිනිස් ගැටුම පාලනයට ක්‍රම දෙකක් අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා ‘තාවකාලිකව කෘෂි විදුලි වැට’ හා ‘ගම්මාන විදුලි වැට’ ලෙස නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. 21 May 2024
බොරැල්ල කනත්තේ මහ ගසක් පාරට වැටෙයි බොරැල්ල කනත්තේ තිබූ විශාල ගසක් මාර්ගයට කඩා වැටීමෙන් බොරැල්ල ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති විය. 21 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025