
(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ වලට තරග කිරීමට පෙර අපේක්ෂකයන් අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකම් සම්බන්ධයෙන් දත්ත පත්‍රිකාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීම අනිවාර්ය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළයුතු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ වෙනත් බහුජන සංවිධාන රැසක් මැතිවරණ කොමිෂන් සභා ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
සමහර මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවීම සැලකිල්ලට ගෙන එවැනි තත්ත්වයක් ඉදිරියට ඇතිවීම වැළැක්වීමේ අරමුණ ඇතිව බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් අපේක්ෂකයන් තෝරා ගැනීමට ඡන්දදායකයන්ට පිටුවහලක් වන බවද ඔහු කීවේය. එම ක්‍රමවේදය මැතිවරණ කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ඒ ඒ දේශපාලන පක්ෂවලට අන්තර්ජාලය හරහා එය ක්‍රියාවට නැංවීමට හැකි බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි .පසුගිය මහ මැතිවරණයේදී සියලු අපේක්ෂකයන්ගේ මූලික දත්ත රැස් කිරීමට උත්සාහ දරුවත් තොරතුරු ලබා දුන්නේ අපේක්ෂකයන්ගෙන් දහසකට අඩු ප්‍රමාණයක් බව රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය
හිටපු කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන්ද තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන්ද පසුගිය දිනවල ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩී එස් සේනානායක ඔක්ස්ෆඩ් සරසවියෙන් පැමිණි බණ්ඩාරනායකට වඩා ලංකාව හොදින් පාලනය කළේය. අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වේ. නමුත් දේශපාලනයේ දී උගත්කමට වඩා බුද්ධිමත්කම වැදගත්වේ. උගත්කම සහ බුද්ධිමත්කම දෙකම ඇත්නම් එය ඉතාම වටිනේය. මේ දෙකම ඇතත් වාසනාවද තිබිය යුතුමය. උගත්කම, බුද්ධිමත්කම සහ වාසනාව මේ සියල්ල ඇතත් අවංකකම මනුෂ්‍යතත්වයක් නොමැතිනම් ඔවුන් කුමන දක්ෂයන් උවද රටට සේවය කිරීමට දේශපාලනයට නොපැමිණ ඔවුන්ගේ පුද්ගලික රාජකාරියක් හෝ වියාපාරයක් කිරීම ඔවුන්ටත්, රටටත් කරනාවූ හොදම සේවය සහ යහපත වේ.
පොහොට්ටුවෙ බොහොමයකට තමයි වරදින්නේ අධ්‍යාපන සුදුසුකම් සමඟ ගමේ ඉස්කාගාර හා කසිප්පු හා මත්ද්‍රව්‍ය වෙළදාම ගැන පොලිස් වාර්තාත් ගන්නවා නම් හොදයි ඒවා ගැන සාමාන්‍ය ජනතාවටත් රහසිගතව හෝ තොරතුරු දෙන්න අවස්ථාව තිබේනම් පොලිසියට මඟහැරෙන තොරතුරු ලැබේවි...
එක හොඳයි... නැතිනම් සමහරුන්ගේ එකම සුදුසුකම කසිප්පු පෙරීම මත්ද්‍රව්‍ය අලවිය හා බෙදාහැරීම ආදී වේ....
අධ්‍යාපන සහතික තියන එක හොඳයි.... නමුත් අධ්‍යාපන සුදුසුකම් නැති නමුත් නායකත්වයට සුදුසු බොහෝ දෙනෙක් ඉන්නවා...
රාජ්‍ය සේවයට එනකොට තියෙන ක්‍රමවේදය මෙහිදීත් ක්‍රියාත්මක කළ යුතුයි.
හොඳ තීරණයක්
හොඳ අදහසක්.. මෙච්වර කල් ආපු අයට තිබුනේ, අට පාස්, මාල කැඩීම් , හොරකම්, වන්චා, දූෂණ, දූෂිත පවුල් පාලනේ කෙනෙක් වීම, බොරුව, රැවැටිලි, මැරකම්, ජඩකම්, මිනීමරුවෝ, ස්ත්‍රී දූෂකයෝ වීම. හොරට ලියලා විභාග පාස්වෙච්චි අයනේ පහුගිය කාලවල පුරාවටම හිටියේ...!
ඕවා චෙක්කරන්න වෙනම දෙපාර්තමේන්තුවක් ඕනේ... නැත්නම් නීතිය තද කරන්න ඕනෙ වැරැදි හෝ අසම්පූර්ණ තොරතුරු ලබා දීම දේපල රජයට පැවැරෙන බවට...!
කීයක් හරි වියදම් කෙරුවේත් හොරට සහතික වුණත් ගන්න බැරිවෙන එකක් නැහැ. හොර සල්ලි, රියැදුරු බලපත්‍ර, හොර අයි.ඩී., හොර පාස්පෝට්, උප්පැන්න පවා හොරට ගත්තු අය ඉන්නවා.
මේ යන විදියට කම්කරුවෙකුට ජනතා නියොජිතයෙන් වෙන්නට බැරි වෙයිද?
අද දේශපාලනයට එන බොහෝ දෙනා ගමාකන්න එනවා මිසක් රටක් ගැන හිතලා නෙවෙයි එන්නේ. ඒකට උගත්කම, බුද්ධි මට්ටම් අදාල නැහැ.
හොර උපාධිකාරයින්ට එන්න දීලා ගේට්ටුව වහලා වැඩක් නෑ.
ගණිතය, ඉතිහාසය, භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව පිළිබඳව ප්‍රශ්න පත්‍රයක් පිළියෙළ කොට දැනුම පරික්ෂා කිරීමේ විභාගයකට ඉදිරිපත්වී සමත් ලකුණු ලබාගත් අයට පමණක් ඡන්දයට ඉදිරිපත් කිරීමට ඉඩ දිය යුතුයි..