
(සුමිත් පොතුපිටිය )
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , පානදුර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක මහතා අද (27) දේශපාලන ජීවිතය සමුගන්නා බව සදහන් කලේය.
පානදුර දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා ඒ බව සදහන් කලේය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය .
මම දේශපාලනයට අවේ 1989 දී. 1991 දී බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව වුනා. පසුව විපක්ෂ නායකවුනා. සභාපති උනා. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ලංකාවේ විශිෂ්ටතම ප්‍රාදේශීය සභාව බවට පත් කලා. අවුරුදු 10 පළාත් සභා මන්ත්‍රී වරයෙක් ලෙස කටයුතු කලා.අවුරුදු හතරක් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කලා. අවුරුදු 32 ක අත්දැකීම් තියෙනවා .එහෙත් දැන් මේ පවතින දේශපාලනය ගැන ඇත්තේ ලොකු කලකිරීමක්.
අවංකව දේශපාලනය කලා. මම සතුටු වෙනවා. මම දේශපාලනයට ආවේ පාපැදියක් නැතිව ආවේ. යන්නෙත් එහෙමමයි. මට ජනතාව වියදම් කලේ. සතුටින් මම දේශපාලනය කලා උපරිමයෙන්ම එහෙත් සොරකම් කලේ නෑ යනුවෙන් ද ඒ මහතා පැවසීය .
සමගි ජන බලවේගයේ නායකත්වය පිළිබඳ ඇත්තේ කලකිරීමක්. එහි නම සමගි උනාට ඇතුලේ සමගියක් නෑ යනුවෙන්ද ඒ මහතා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංක දේශපාලනය? මම නම් අහලා තියෙන්නේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු කාලේ ඔය සීමාවේ කට්ටි කඩපු ඉඩම් කට්ටි හැම එකකින්ම පර්. 10-15 කෑලි තම ළඟම නෑදැයන්ගේ නමට තියෙනවා කියලා.
මේ වගේ අවංක දේශපාලකයන් දේශපාලනයෙන් ඉවත් වීම ඉතා කණගාටුවට කරුණක. 100%අවංක දේශපාලනයේ යෙදුන මෙතුමා ප්‍රාදේශීය සබා සභාපති ලෙස වැඩිම සම්පත් ප්‍රමාණයක් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට අත්කරදුන් සභාපති වරයා. හැම වෙන්දේසි ඉඩමකින්ම සභාවට බිම් කට්ටියක් පොදු කොටසට ලබාගත් එකම සභාපති,අද කුරුසහන්දියේ තියෙන පුස්තකාල ගොඩනැගිල්ල හදලා තියෙන ඉඩම පර්. 40 අද වටිනාකම කෝටි ගණනක් ඒ හැමදේම සබාවට මෙතුමා ලබාදුන්න. 2006 සබාපති වෙනකොට සබාවේ තිබුනේ ලොරියයි cab එකයි ඒත් මෙතුමා යනකොට ආයතනයට ඕනෑකරන සියළුම යන්ත්‍ර උපකරණ සබාව සතු උනා. ලංකාවේම ආදර්ශයක් උන කසල වියාපෘතිය තවත් ලොකු ජයග්‍රණයක් උනා. සත්‍ය දන්නා මිනිසුන් බණ්ඩාරගම ඉන්නවා. පයින්ම දේශපාලන යට ඇවිත් පයින්ම ගෙදර ගියත් හැමදාම ඔබතුමා කල සේවාව ප්‍රතිලාභ මිනිසුන් බුක්ති විදීවි.... ඔබට සුබ අනාගතයක් හිටපු ගරු මන්ත්‍රී තුමා...
රනිල්ගෙ හරි, මහින්දගෙ හරි, දිලිත්ගෙ හරි පක්ෂයට හේත්තු වෙන්න.
මේ නියම ජනතා සේවකයෙක්. කවදාවත් සත පහක් වංචා නොකළ කෙනෙක්. නොදන්න ජෙප්පෝ මඩ ගහයි. හැබැයි කළුතර මිනිස්සු දන්නවා මෙයා කවුද කියන්න..?
කොහොම හරි ජාමෙ බේරගෙන එළියට ආවානේ. වෙන කාගේ හරි දැත ශක්තිමත් කරන්න අදහසක් පහළවෙලා වත්ද?