
(ජේ.ඉඳුරුවගේ)
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.
අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අති ව්ශේෂ ගැසට් නිවේදනය ඊයේ (26 ) දාතමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරිණි .
මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට මෙලෙස සන්නද්ධ හමුදාවන් කැඳවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු කොරියාව වගේ වෙන්න බැරිද?
මොකද්ද කලබලේ ?
අර සීයාගේ කාලේ හමුදාව කැඳවන කොට තප්පුලපු එක කයියෙක්වත් මේකට තප්පුලන්නේ නැති එකනෙ පුදුමේ...!
සීයා ඒකවත් දන්නේ නැද්ද? කපුවගේ පුතා දේවාලයේ මොනවා කළත් කිල්ලට අහුවෙන්නේ නෑ.