
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මිය යන විට ඒ මහතා 92ක් වැනි වියෙහි පසු විය.
1932 වසරේ පංජාබ්හිදී උපත ලබා ඇත.
ප්‍රකට ආර්ථික විශේෂඥයකු වූ මන්මෝහන් සිං මහතා ඉන්දීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇත. ඔහු එරට මහබැංකු අධිපති ලෙස ද කටයුතු කර ඇත.
2004 වසරේ සිට 2014 දක්වා එරට 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මන්මෝහන් සිං මහතා කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදර්ශමත් නායකයෙක්. වර්තමාන භාරතයේ දියුණුවේ නිර්මාතෘවරයා ඔහුයි. කොංග්‍රස් පක්ෂයට මෙන්ම මහා භාරතයට දැරිය නොහැකි පාඩුවකි. නායකයානෙණි ඔබට නිවන්සුව...
අවුරුදු දහයෙන් ඉන්දීය ආර්ථික දිශානතිය අමුතුවෙන් නිර්මාණය කර වර්තමානයේ ලොව පස්වන ආර්ථික බලවතා දක්වා ගිය ගමනේ පුරෝගාමියා....ඒකට හරියන්න ඒ කාලේ හිටිය අපේ ජනපති.... පවුල් ආර්ථිකය සංවර්ධනය කරගන්න රට කෑවා....