
(ඉන්දිකා රාමනායක )
හික්කඩුව නාරිගම සංචාරක වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුවී ගසාගෙන ගිය දරුවන් සිව් දෙනෙකු ඇතුළු විදේශිකයන් පස් දෙනෙකු පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන ඇත.
මෙලෙස බේරාගෙන ඇත්තේ කුඩා ළමුන් සිව් දෙනෙකු සහ කාන්තාවක බවත් ඔවුන් රුසියානු සහ කොලොම්බියානු ජාතිකයින් බව පොලිසිය පවසයි.
මෙම පිරිස ඊයේ(27) දහවල් දියනාමින් සිටියදී. මෙලෙස දියවැලකට හසුවී ගසාගෙන ගොස් ඇත.
එම ස්ථානයේ රාජකාරී කරමින් සිටි පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායමේ පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් හත් දෙනකු වහාම ක්‍රියාත්මක වී පිරිස බේරාගෙන ගොඩබිම වෙත රැගෙන විත් තිබිණි.
මෙලෙස බේරාගත් ළමුන් අතර අවුරුදු 12, 09, 04 යන වයස්වල පසු වන දරුවන් සිට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරගෙන තියෙන්නේ විශාලම පුන්‍ය කටයුත්තක්...
දොස්තරලා, නර්ස්ලත් හැම තත්පරයක් ගානේ, දස දහස් ජීවිත බේරාගන්නවා. ඒත් කාටවත් ගණනාවක් වත් නෑ.
ජීවිතයක් බේරා ගන්න කටයුතු කරන සෑම කෙනෙකුටම බොහෝම පින්...