
(අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලය මුහුදු තීරයේ පාවෙමින් තිබූ නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ධීවර කාර්මික පිරිසක් ඊයේ (26) රාත්‍රී සොයාගෙන ඇතැයි වරාය පොලිසිය කියයි.
ගොඩබිම සිත කිලෝමීටර් තිහක් ඈත මුහුදේ පාවෙමින් තිබූ මෙම කුඩා ගුවන් යානය අඩි නවයක් දිගින් යුක්ත වන අතර බඳ වට ප්‍රමාණය අඩි තුනකි. පියාසර එක් තටුවක දිග අඩි හතරක් වන අතර දෙපස පියාසර තටු දෙකක් සහිත වේ.
මෙය ගුවන් යානයක අනුරුවක් ලෙස නිර්මාණය වූවක්ද එන්ජිමක් හෝ විදුලි පරිපථයක් තිබේද යන්න පරීක්ෂා කර බලා වාර්තාවක් ලබාගැනීමට මෙම ගුවන් යානය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ගුවන් හමුදාවට භාරදීමට කටයුතු කරණ බව වරාය පොලීසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොකට් රෝහිතයාගේ සැටලයිට් එකද?"
Trojan? ට්‍රෝජන්ද?
අපේ මයින්ද මාතියාට කපුටා එවපු ඩ්‍රෝන් එකද මේ…?
මේක ස්පයි ඩ්‍රෝනයක්...
මහින්දට වහාම ආරක්ෂාව දෙන්න.