විදෙස් මැතිවරණ නිරීක්ෂකයෝ රාජකාරි අරඹති ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ අද (29) උදෑසන ඔවුන්ට නියමිත රාජකාරී ආරම්භ කළහ. 29 August 2024
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට හිටපු පළාත් මන්ත්‍රීවරයෙක් අල්ලයි අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරුට නවාතැන් දුන් බව කියන හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අද (29) දින අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසයි 29 August 2024
‘ගොවියාට තෘප්තිමත් අනාගතයක් හදනවා‘ රටේ ජීවනාලිය වූ ගොවියාට සමඟි සන්ධාන රජය යටතේ හඬක්, තැනක්, ඉඩක් ලබාදී ගොවියාට තෘප්තිමත් අනාගතයක් ලබාදෙනවා යැයි ජනාධිපතිධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැල්ලවායේදි පැවසිය. 29 August 2024
තලතාගේ පුරප්පාඩුවට කරු: ගැසට්ටුව පිටවෙයි තලතා අතු කෝරළ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 29 August 2024
දියණියගේ මුහුණ පිලිස්සු පියා අත්අඩංගුවට බණ්ඩාරවෙල ලියන්ගහවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ නිවසක දි දැල්වූ ගිනිකූරකින් සිය බාලවයස්කාර 12 හැවිරිදි දියණියගේ මුහුණ පුලුස්සා බැණ තර්ජනය කරමින් පහරදී දී දියණියට කෲර වධහිංසා දුන්නැයි සැකපිට දෙදරු පියෙකු අද (29) අත්අඩංගුවට ගත් බව ලියන්ගහවෙල පොලිසිය පවසයි . 29 August 2024
බඹරු නිසා තිදරු පියාට දිවි අහිමි වෙයි ගිරිල්ල රෝහලට බෙහෙත් ගැනීමට ,මහ කිරින්ද ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයෙකු රෝහලෙන් බෙහෙත් රැගෙන ආපසු නිවසට යන අවස්ථාවේ මහ මගදී බඹර ප්‍රහාරයකට ලක්ව මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි . 29 August 2024
රිය අනතුරින් අයෙක් මරුට කහටගස්දිගිලිය පොලිස් වසමේ පුහුල්දිව හන්දිය ආසන්නයේදි වෑන් රථයක් හා ත්‍රී රෝදයක් එකිනෙක ගැටිමෙන් ත්‍රී රෝද රියදුරා මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකළ බව කහටගස්දිගිලිය පොලිසිය කියයි. 29 August 2024
විටින් විට තැනින් තැන වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 August 2024
හොර විස්කි ස්කාගාරයක් යුද හමුදාව වටලයි සිංගප්පූරු ජාතිකයකු විසින් නිතීවිරෝධිව මහා පරිමාණයෙන් මහර කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විස්කි ස්කාගාරයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. 29 August 2024
ක්ලබ් වසන්ත ඝාතනයේ තවත් දෙකක් මාට්ටු ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් තුවක්කු කරු සහ තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 29 August 2024
දරුවන්ට දෙන්න ආ නිල ඇඳුම් වේයන්ට කන්න ඇරලා පාසල් සිසුන් සඳහා 2024 වර්ෂයට නොමිලේ බෙදා දී ඉතිරිව තිබූ නිල ඇඳුම් තොගයක් කින්නියා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය තුළ වේයන් කා දමා විනාශ වීමට ඉඩ හැර ඇතැයි වාර්තාවේ. 29 August 2024
අපරාධ කල්ලි නායකයකු දිවයිනට රැගෙන එයි මිනීමැරුම් , කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන ගීත්මාල් බිනෝයි දිල්ෂාන් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක් ඩුබායි හිදි අත් අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආවේය. 29 August 2024
නඩු කාමරයෙන් කෝටි 24 කුඩු පන්නලා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්ෂිතව තබා තිබු රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වී ඇති බව හෙළි වී ඇත. 29 August 2024
සේවකයෝ සමුළුවේ රෝගීහු මහ පාරේ තපිති මහරගම අපෙක්ෂා රෝහලේ විකීරණ ඒකකයේ ප්‍රධානියා ඇතුළු චිකිත්සක නිලධාරීන් සියලු දෙනා එම ඒකකය වසා දමා සමුළුවකට සහභාගී වීම හේතුවෙන් එහි පැමිණි රෝගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව අද ආපසු හැරී ගියහ. 28 August 2024
පෙම් හබයක් නිසා සිසුවාට පිහි පහර පාසල් නිමවි නිවෙස් බලා යමින් සිටි පිලිමතලාව ප්‍රදේශයේ පාසලක සිසුවකුට පාසල් හැරගිය සිසුන් පිරිසක් පිහියකින් ඇනිම පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කඩුගන්නාව පොලිසිය පවසයි. 28 August 2024
දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරුගේ දුරකතනය රසපරීක්ෂකට එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට බලපෑම් කළේ යැයි ඇප මත මුදාහැර සිටින දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන්ගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළින ගමගේ මහතා මහතා අද (28) නියෝග කළේය. 28 August 2024
ඡන්ද කතාවෙන් ආහර පරීක්ෂකගේ දතක් ගැලවේ ජනාධිපති අපේක්ෂකයින්ට බහින්බස් වී පුද්ගලික රෝහලක ආහාර පරීක්ෂකවරයකුගේ දතක් ගැලවෙන්නට පහර දුන් එම රෝහලේ අරක්කැමියකුට දැඩි අවවාද කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදා හැදැරීමට අද (28) නියෝග කළේය. 28 August 2024
බොකලගම ජාජබ කාර්යාලයට ගිනි තියලා මීරිගම බොකලගම ප්‍රදේශයේ ජාතික ජන බල වේගයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයට ගිනි තබා ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. 28 August 2024
ඇමැති සබ්රි සමාව ඉල්ලයි ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාවට විදීමට සිදුවූ දුෂ්කරතා සම්බන්ධයෙන් තමා රජයේ නියෝජිතයකු ලෙස ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. 28 August 2024
වාදබේද ඉවතලා එකම අරමුණක ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් විරසකව සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්, දේශපාලනයේදී සදාකලික හතුරන් හෝ සදාකලික මිතුරන් නොමැත යන කියමන පසක් කරමින් එකම වේදිකාවේ එකට සුහදව අල්ලාප සල්ලාපයේ යෙදුණු දෙදෙනා මෙසේ එක සිටියේ ස්වාධීන අපෙක්ෂක ජනාධිපති රනිල්ක වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් අද අකුරණ නගරයේ පැවැති ප්රචාරක රැලියෙ වේදිකාවේය. 28 August 2024
නිරෝෂන් ප්‍රේමරත්නගේ සහාය සජිත්ට මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වමින් අද (28) තංගල්ලේ පැවති ජන රැළිය ඇමතීය. 28 August 2024
පළාත් ඡන්දෙට මැකෝ නීතිපති හමුවෙයි? පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. 28 August 2024
උපයන විට ගෙවන බද්ද සංශෝධනය කරනවා උපයන විට ගෙවන බද්ද (Payee Tax) සංශෝධනය කිරීමට රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 August 2024
සුසිල් ජයතුංග ඇප ඉල්ලයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් තමන්ව ඇප මත මුදා හරින ලෙස නීතිඥභවය අත්හිටුවා සිටින සුසිල් ජයතුංග මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයන් ඉල්ලා සිටියේය. 28 August 2024
උතුරු බෙංගාල බොක්කේ අඩු පීඩනයක් වාර්ෂනය වන ලකුණු උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් හෙට(29) දිනයේදී වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. 28 August 2024
ළමා නිවාසයක දැරියෝ තිදෙනෙක් අතුරුදන් මාතලේ ළමා නිවාසයක සිටි පාසල් සිසුවියන් තිදෙනෙකු එම ළමා නිවාසයෙන් අතුරුදන් වී ඇතැයි මාතලේ පොලිසිය පවසයි. 28 August 2024
රට රැකියා ජාවාරමට අනුබල දුන් නීතීඥවරියට ඇප කැනඩා රටේ රැකියා ලබා දීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට ආධාර අනුබල දුන්නේ යැයි අත් අඩංගුවට පත් කොළඹ අලුත් කඩේ නීතිඥවරියක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(28) නියෝග කළේය. 28 August 2024
කෝටියක රට බඩු සමග 5ක් අත්අඩංගුවට රුපියල් එක් කෝටි පනස් අට ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි , විස්කි සහ චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ උපකරණ තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ගුවන් මගීන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (28) දින අත්අඩංගුවට ගෙන තිබේ . 28 August 2024
ක්ලබ් වසන්ත ඝාතකයා දින 90ක් රැඳවුම් බාරයේ ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත් අඩංගුවට ගත් 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නැමැත්තා දින 90 ක කාලයක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අවසර ලබාදුන් බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට අද (28) දැනුම් දුන්නේය. 28 August 2024
“සොබාදනවි” විවෘත වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (28) පෙරවරුවේ විවෘත කෙරිණි. 28 August 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025