(සුජිත් හේවාජුලිගේ)
ඇමති නිවාස කාලයක් තිස්සේ වසා දමා තිබීම හේතුවෙන් වල් වැදී ඒවා ජරාවාස වෙමින් තිබෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ ඇමති නිවාස සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ
ඇමති නිවාස සම්බන්ධයෙන් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු තීරණයක් ගන්නා බවයි
මීළඟ කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳව තීරණයක් ගනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
වර්තමාන රජයේ මැති ඇමතිවරුන් ඇමති නිල නිවාස ලබා නොගන්නා බවට දැනටමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
කොළඹ පිහිටා ඇති ඇමති නිලනිවාස සංඛ්‍යාව තිස්පහකි.
මින් එක නිල නිවාසයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පරිහරණයට දැනටමත් ලබාදී ඇත.
ඇමති නිල නිවාස කුලියට ලබාදෙන ලෙස තානාපති කාර්යාල රජයේ ආයතන ඇතුළු ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇත.
ඇමති නිල නිවාස තානාපති කාර්යාල වලට ලබාදීම කෙරෙහි රජයේ වැඩි අවධානය යොමු වී ඇත.
ඇමති නිල නිවාස සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පසුගියදා බාර දුන්නේය.
COMMENTS
ඕවා අවශ්‍ය නැතිනම් ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවලා විකුණලා දමලා රජයේ ණය බර අඩු කරගන්න බැරිද? අපි ගත්තු ණයවලට මාස් පතා පොලිය එකතුවෙන බව අමතක කරන්න එපා. රජය රජයේ වියදම් පියවා ගන්න අදටත් දිනකට රුපියල් බිලියන 1,5-2 අතර මුදලක් ණය වෙන බව අමතක කරන්න එපා. ඔය නිවාස නඩත්තු කරන්නත් මුදල් අවශ්‍ය වෙනවා...
කරන දෙයක් ඉක්මනට කරනවා ඇමැතිතුමා...
වෙන්න බෑ නේ, ආණ්ඩුව කලින් කිව්වේ නම් ඇමැති නිවාස කෝටි ගණන් වැයකර අලුත්වැඩියා කර ඒවායේ පසුගිය රජයේ ඇමැතිවරු පදිංචිව හිටියා කියලා නොවේද? එහෙම නම් මාස 6ට ගරා වැටිලාද? ඒකත් වෙන්න බැහැනේ. එහෙනම් වෙන්න පුළුවන් එකම දේ ආණ්ඩුව මේ දේපළ විකුණා දමන්න ක්‍රම සොයා බලනවා විය යුතුයි...