
නාන කාමරයට යන ඇමෙරිකානුවන්ට, පහසුවෙන් සහ නිදහසේ ස්නානය කළ හැකි ආකාරයේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ට්‍රම්ප් මෙම විධායක නියෝගයට අත්සන් තැබුවේ, ඇමෙරිකාවේ නාන කාමරවල 'ෂවර් හෙඩ්' (shower head) සම්බන්ධයෙන් වූ ෆෙඩරල් නීතිවල වෙනසක් කරමින්, 'ෂවර් හෙඩ්' ජල පීඩනය වැඩි කරමිණි.
'මම හරි ආසයි මගේ කාණ්ඩේ ලස්සනට තියා ගන්න. හොඳ වතුර පීඩනයක් නැතිව මට ස්නානය කිරීම ගැටලුවක්. මට පමණක් නොවෙයි, මං දන්නවා හැම ඇමෙරිකානුවන්ට ඒක ගැටලුවක්. ඉතිං නාන්න යද්දී හොඳ ජල පීඩනයක් අවශ්‍යයි. ඉක්මණින් ජලය ලැබීම අවශ්‍යයි.' යැයි පැහැදිලි කරමින් ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙම විධායක නියෝගයට අත්සන් පැවැසීය.
නාන කාමරවලට ලැබෙන ජල පීඩනය අවම කිරීමට නීති සකස් කර තිබෙන්නේ, ට්‍රම්ප්ට පෙර ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ ඔබාමා සහ බයිඩන් පරිපාලන සමයේදීය. ඒ, ජල සංරක්ෂණ නීති අනුවය. ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අනුව, මෙම ජල සංරක්ෂණ නීති වෙනස් වනු ඇත.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වත්මන් ජනපති තුමා ඇතුළු මාලිමා නඩේ දැන් නාන විදිහ බැලුවාම වතුර ප්‍රෙෂර් එක කොච්චර තිබුණත් මදි...!
කොහොමත් මෙයා යන විදිහට හොඳ හැටි නාගන්නවා වගේ...
මෙයින් අප ඉගෙනගත යුත්තේ කෙතරම් ධනවත් රටක් වුවත්, ඔවුන් නාස්තිය අවම කිරීමට දරනා උත්සාහයයි...
යකෝ ඔවුන්ට තියෙන ප්‍රශ්න...
පිස්සු නැත්තම් ශෝක්
ට්‍රම්ප්ගේ ටිකිරි මොළෙට එන්නේ මාර අඳහස් බව පේනවා! එයා ලෝකෙ තියෙන සියලුම ප්‍රශ්න විසඳා ඉවර වෙලා වගේ bathroom ප්‍රශ්නයට ඇත දැම්මේ . ඔය "ප්‍රශ්නෙ" ගැන සොයලා බලන්න විෂය භාර ඇමති කෙනෙක් ඇමරිකාවේ නැද්ද ? අමරිකානුවන්ට අබ සරණයි මේ වගේ ජනපති කෙනෙකු සිටීම