IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


රනිල්ට අල්ලසට එන්න 23 න් පසු දිනයක්

(සුජිත් හේවාජුලිගේ )

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබන23වැනිදායින් පසු කැඳවීමට එම කොමිසම තීරණය කර ඇත.

කෙසේ වෙතත්  23න් පසු  නිශ්චිත වශයෙන් කැඳවන දිනය කොමිෂන් සභාව තවමත් තීරණය කර නොමැත.

මේ සම්බන්ධයෙන් අප අල්ලස් හෝ දූෂණ   චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මුදල් නිදහස් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙසේ කැඳවන බවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ලබන 17  වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව  හමුවේ පෙනී සිටින ලෙස  කොමිසම රනිල් වික්‍රමසිංහ මහතාට පෙරේදා දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලිපියක් යොමු කළ හිටපු ජනාධිපතිවරයා තමා සහ තමාගේ නීතිඥයන් අවුරුදු දින වල කොළඹින් බැහැරව සිටීම හේතුවෙන්  එදිනට පැමිණීමේ හැකියාවක් නැති හෙයින් පෙනී සිටීමට  වෙනත් දිනයක් දෙන ලෙස ඉල්ලා සිටියේය.

ලබන 23  වැනිදායින් පසු දිනයක් ලබාදීමට කොමිසම තීරණය කර ඇත්තේ ඒ අනුවය.



අදහස් (4)

රනිල්ට අල්ලසට එන්න 23 න් පසු දිනයක්

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Saturday, 12 April 2025 01:56 PM

කොමිසමේ ඉන්න රංග, මාලිමාවේ හොඳ ගොට්ටෙක් තමයි...! කියනවා නම් විජේපාලගේ අසුචි වුණත් කයි !

:       0       0

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 12 April 2025 02:35 PM

චාමර සම්පත්ව කෙනිත්තීම සහ රනිල් සීයාව කිතිකැවීම.

:       0       0

Nandana Saturday, 12 April 2025 05:58 PM

ඔබ යන්න එපා... මාලිමාවේ අයට මහින්දව ගේන්න බැහැලු... ළඟට යනවා මිසක්...

:       0       0

SIRI Saturday, 12 April 2025 11:26 PM

ඒ දවස් වලද හොඳ නැකත් තියෙන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 22 0

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි
2025 මැයි මස 05 391 0

කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


ජන්ද මධ්‍යස්ථාන 13759 ක් සකස් කිරීම අද ඇරඹෙයි
2025 මැයි මස 05 80 0

පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ජනාධිපතිට කළ චෝදනා හොයන්න කියන්න ජවිපෙ මහ රෑ සී.අයි.ඩී යයි
2025 මැයි මස 05 1231 0

ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම


අද කාලගුණය
2025 මැයි මස 05 61 0

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කා


ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 882 0

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 677 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 175 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1204 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site