
(කේ බුද්ධික කුමාරසිරි)
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් හරහා ත්‍රිරෝද රථයක් ධාවනය කිරීමේදී දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කල බව කොස්ගම පොලිසිය පවසයි.
අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා අද (12) උදෑසන ගමන් කරමින් තිබූ දුම්රියක මෙලෙස ත්‍රී රෝද රථය ගැටී ඇත.
අනතුරින් ත්‍රිරෝද රථයේ එන්ජිම ගැලවී මීටර් 3 ක් පමණ ඈතට විසිවී තිබු අතර එයට දැඩි හානි සිදුව තිබුණි.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයා සහ පසුපස අසුනේ තවත් කාන්තාවක ගමන් කරමින් සිට තිබෙනවා.
බරපතල තුවාල ලැබූ මෙම දෙදෙනා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණි.
අනතුර සිදුවන අවස්ථාවේ රේල් ගේට්ටුව වසා නොතිබූ බවත් , ත්‍රිරෝද රථය පදවා ඇත්තේ දුම්රිය ගේට්ටුකරුගේ බාල සොහොයුරකු බවත් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බව කොස්ගම පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
ෂුවර් එකටම ගේට්ටුකාරයා මල්ලිත් එක්ක කෝන්තරයක් ඇති. නැත්නම් ගේට්ටුව වහනවානේ.
ඔය මාර්ගය බොහෝම භයානකයි... දවසක් මමත්, පුතාත් කොළඹ ගොස් හවස්වෙලා ආපසු එමින් සිටියදී මහවෙදගේ රෝහලට ආසන්නවම වංගුවක් සමග ඇති දුම්රිය හරස් මගින් අපි වාහනය දැම්මේ ගේට්ටුව වසා නොතිබීම නිසාත් ගේට්ටුවේ රතුපාට විදුලි ලාම්පුව නොදල්වා තිබීම නිසා තමයි අපි පාර මාරුවෙද්දීම කොළඹ දෙසට ධාවනය කරන කෝච්චිය මීටර් දහයක් වගේ දුරකින් දුටුවාම ඇඟවල් සීතල වුණා.