
(යොහාන් භාසුර)
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අදාළ ගුරුවරයා සැඟවී සිටින බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පැවසීය.
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවතක් සම්බන්ධව මූලික විමර්ශන කටයුතු අවසන් කර දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය යටතේ ඉහත සිද්ධිය සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කළ බවත් අදාළ සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මේ වන විට සැගව සිටින බැවින් ඔහු සොයා අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක බවත් එම අමාත්‍යංශය සඳහන් කළේය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක ප්‍රාථමික අංශයේ පන්ති භාර ගුරුවරයකු වන සැකකරු තමා භාර තුන්වන ශ්‍රේණියට අදාළ පන්තියේ ඉගෙනුම ලබන දරුවන්ට "ලෝහමය පටියක්" ආධාරයෙන් පහර දෙමින් දණ්ඩනයට ලක් කර ඇති බවට මේ මස 08 වැනි දින ලද පැමිණිල්ලකට අනුව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කළ බවද එම අමාත්‍යංශයේ සඳහන් කළේය.
ඒ අනුව දණ්ඩණයට ලක්වූ අවුරුදු 7 ක් පමණ වයසැති පිරිමි දරුවන් දෙදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පති සහ මවිපියන්ගේ ද ප්‍රකාශ සටහන් කරගත් බව කී එම අමාත්‍යංශය විශේෂ විමර්ශන කණ්ඩායම විසින් අදාළ සිදුවීම් සිදු වූ ස්ථානය ස්ථානීය පරීක්ෂාවට ද කළ බව සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
740
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2398
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දරුවන්ට අමානුෂිකව සැලකූ ගුරුවරයා සොයා මෙහෙයුමක්
Nihal Saturday, 12 April 2025 11:16 PM
ගුරු සුනඛයන් බැඳලා දාන්න
සකියම Sunday, 13 April 2025 08:15 AM
'අමානුෂික දඬුවම්' කියල කවුද ඉරක් ගහල වෙන් කරන්නෙ. සියළුම ආකාරයේ ශාරීරික දඬුවම් නැවතිය යුතුයි. ශාරීරික දඬුවමින් වැඩක් නැති බව විද්‍යාත්මකව ඔප්පු කල දෙයක්. මේ ගුරුවරයාට, අනෙක් වැඩිහිටියන්ටත් නිතර මතක් වෙන ආකාරයට දඬුවම් කලයුතුයි.