(අංජුල මහික වීරරත්න)
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජන රැළියකදී මෙම සිදුවීම විය.
ජන රැළිය අවසන් වී ජනාධිපතිවරයා වේදිකාවෙන් නික්ම යන අවස්ථාවේ ජනතාව ජනාධිපතිවරයා දෙසට පැමිණීමට උත්සාහ කළ අතර ඒ අවස්ථාවේ කුඩා දැරිය තෙරපීමට ලක්වන අයුරු ජනාධිපතිවරයාගේ අවධානයට ලක් විය.
ජනාධිපතිවරයා වහාම ඉදිරිපත් වී කුඩා දැරිය දෙසට අත දිගු කර ඇය වඩාගෙන තෙරතෙමෙන් මුදාගන්නා අයුරු දැක ගත හැකි විය.
COMMENTS
මාරයි ආ
මහින්ද, ෆොන්සේකා, ගෝටා මොනාද කලේ. මෙන්න වීරයෝ
මාරයි ඉතින් විසිල් විතරයි
අනුර ජනාධිපතිවරයා දැරිය තෙරපීමෙන් බේරාගෙන වඩා ගත්තා විතරයිද? කලකට පෙර අපේ රටේ හිටපු ජනාධිපති කුරහන් සාටකධාරී, "මරා" හෙවත් "නාකි මයිනා" ට මෙහෙම දෙයක් වුණා නම්, එම දැරිය වඩාගෙන, තොත්තු වරුසාවක් දෙනවා නියතයි...!!! කැමරා ඉදිරියේ මිනිහාට, පොඩි දරුවන් වෙනුවෙන් තිබුනේ "මාර ලව්" එකක්ලු! පව්... අනේ....පව්...අර බබාට...
නියම මිනිස්සූ...
සිස්ටම් එක චේන්ජ් කරන්න ඇවිත් බලන් ගියහම, මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකම අරගෙන යනවා. මේකා නළුවෙකු වෙන්න බෑද? රංගනය නියමට කරනවා. මේ වගේ නළු බට්ටෙක්ද 68 ලක්ෂයම ප්‍රාර්ථනා කළේ? මේ නළුවාට අලුත් අවුරුද්දත් අරහන්. නමුත් මුලින් අවුරුද්ද ජයටම සැමරුවා.
ආ... දැක්කා දැක්කා... ඒක කලින්ම ලියපු නාට්‍යයක කොටසට රෑගත කිරීමක්
අපි ඔහේව පත් කලේ රගපාන්න නම් නෙමේ, ඔහෙවත් පරිස්සම් කරන් රටත් පරිස්සම් කරන්න. ආරක්ශාව මදි ඔහෙගේ.
දරු කැක්කුම තියෙනවා ජනාධිපති වුණත්. සීයා නම් ඔහොම කරයිද?
ඇයි අප්පච්චිට විතරද පුළුවන් නේද?