IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රට තුළ සංහිඳියාව ඇති කිරීමට රජය කැප වෙනවා

(යොහාන් භාසුර)

රටතුළ නිර්මාණය කරන ගැටුම් හේතුවෙන් ජනතාව තව දුරටත් දුක් විඳිය යුතු නැති බවත් රට තුළ සංහිඳියාව ඇති කරන්න රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

යාපනය, වේලෙනෙයි, නීර්වේලි, වඩමරාච්චි යන ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ සඳහන් කළාය.

උතුරු පළාතේ යටිතල පහසුකම් සංවර්ධනයේ ගැටළු ගණනාවක් තිබෙන අතර මාර්ග, ජලය, කෘෂිකර්මය, විරැකියාව වගේම අධ්‍යාපනය, සෙඛ්‍ය ඇතුළු සෑම අංශයකම ගැටළු පවතින බවත් මේ අතරින් බොහොමයක් ගැටළු ප්‍රදේශය නියෝජනය කරන ප්‍රාදේශිය සභා, පළාත්සභා විසින් කළ යුුතු සංවර්ධන වැඩ නමුත් ඒක නිසි ආකාරය සිද්ධ වී නොමැති බවත් ඇය පැවසුවාය.

උතුරු නැගෙනහිර ගැටළු ඇති වුයේ යුද්ධය නිසා යැයි කීවද යුද්ධය අවසන් වී වසර 16ක් ගත වුවද කිසිදු වෙනසක් වී නොමැති බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශිය නියෝජිතයන් ඇතුළු උතුරේ විශාල පිරිසක් මෙම හමුවලට පැමීණ සිටියහ.

 



අදහස් (1)

රට තුළ සංහිඳියාව ඇති කිරීමට රජය කැප වෙනවා

wasanthi ranawaka Sunday, 13 April 2025 05:42 AM

පල්ලී ගානේ , කෝවිල් ගානේ රාමසාන් උත්සව පවත්වමින් යනවා. සිංහල අවුරුද්දට කිසිම සැමරුමක් නෑ. අරයා පුංචි අම්මා බැඳලා නිසාද සිංහල ජාතියේ මහ මංගල්‍යය පනහට දම්මේ? සිංහලයන්ගේ චන්දය විතරමද ඕනේ .වරෙව් චන්දය ගන්න?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 740 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2398 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site