
(සුජිත් හේවාජුලිගේ)
වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිඛිතව දැනුම් දී ඇත.
අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මීට පෙර ඇමැති ධූරයන්හි ඉන්ධන දීමනාවට අමතරව මන්ත්‍රී ධූරයේ ඉන්ධන දීමනාවද ලබාගෙන තිබූ බව කියති.
තමන්ට අමාත්‍ය ධුරයට ලැබෙන ඉන්ධන දීමනාව පමණක් ප්‍රමාණවත් බව වර්තමාන රජයේ එම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට වැඩිදුරටත් දැනුම් දී ඇත.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ලැබෙන ඉන්ධන දීමනාව ප්‍රතික්ෂේප කරන පළමු අවස්ථාව මෙයයි.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහු සිටින දුර අනුව ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් හිමි වේ. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ දෙකහමාරේ සිට හතර හමාර දක්වා වටිනා ඉන්ධන දීමනාවක් හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ග පවසන අන්දමට වැඩිම ඉන්ධන දීමනාවකට හිමිකම් කියන්නේ උතුරු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.
COMMENTS
ඇමතිවරු ඇමතිලා හැටියටත් මංත්‍රීලා හැටියටත් දෙයාකාරයෙන්ම ඉන්ධන ගත්තානම් උන්දැලාට ඒවා ජාති ජාතීත් පඩිසන් දේවි කරන කලට පව් මීරිය මීසේ කියලා තමයි කියන්න වෙන්නේ...
ඔවු අපිට තෙල් දීමනාව එපා ඒක පැලවත්තේ එකවුන්ට් එකට දමන්න
ඒ මුදලත් පක්ෂ අරමුදලට යවනවා නේ? ඔය මොන සංදර්ශන දැම්මත් කියපු බොරු නිසා ජනතාව කලකිරිලා ඉන්නේ.
අපට තෙල් දීමනා එපා... අපේ මන්ත්‍රී තෙල් දීමනාව ලැබෙන වාහනේ නෝනාට ෂොපින් යන්න ළමයාට ඉස්ස්කොලේ යන්න ගෙදර තියලා, අමත්‍යාංශයේ තිබෙන කැබ් එකක් ගෙන්නා ගෙන, අමාත්‍යාංශයේ ගමන් බිමන් පාර්ලිමේන්තු යන ඒවා වගේ වැඩ ටික කරගන්නම්, අමාත්‍යාංශයේ වාහනවල තෙල් බිල කොහොමත් අමාත්‍යාංශයේ විසින් දරනවනේ...?
මේවා හරියට පැලවත්ත හරහා පඩිය ගන්නවා වගේ වැඩ. පැලවත්තට යන පඩි ටික මහා භාණ්ඩාගාරයේ ඉතිරි වෙනවා නම් මේවා පිළිගන්න හැකියි. නැතිනම් බොනිකර තේරුමයි..
මේවා දකිනකොට බයියන්ට මාර සැප ඇති නේද? අවුරුදු 75ක් කොහොමද කට්ටිය මාරුවෙන් මාරුවට රට කරලා තියෙන්නේ...!
ඉස්සර උත්තමයෝ කොහොම කෑමක්ද කාලා තියෙන්නේ...!