
(අංජුල මහික වීරරත්න)
මීතොටමුල්ල සී.ටී.බී ඩිපෝවේ කාර්‍යාලීය ගොඩනැගිලි මේ වන විට ගරා වැටෙමින් පවතින බව කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර එහි කළ නිරීක්ෂණයකදී දැක බලා ගත්තේය.
මීතොටමුල්ල ඩිපෝවේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා ඩිපෝ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ද පැවැත්වීය.
මෙහි දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසුවේ රජයේ සංවර්ධන වැඩපිළිවෙල යටතේ මීතොටමුල්ල ඩිපෝව සංවර්ධනය කිරීමේ කටයුතු සිදු කරන බවයි.
එහි සේවක විවේකාගාර ද පවතින්නේ ඉතාම අඩු පහසුකම් යටතේ බව නිරීක්ෂණය විය.
ඩිපෝවේ පවතින තත්ත්වය ගැන ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දීමක් කරන බවත්, ඒ අනුව අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





COMMENTS
සම්පූර්ණයෙන්ම අබිලි යකඩ ලෙස තමා පාවිච්චියට ගත හැක්කේ...!
බස් රථ 200කට වඩා වැඩි ප්‍රමාණයක් තිබ්බ රට පුරා බස් රථ ධාවනය කළ ඩිපෝවක්. අසූව දශකයේ බස් රථ සියල්ලම පාහේ ඉසූසු බස් රථ. මුලින්ම ඩිපෝවට ආදයම් වැඩි වශයෙන් ලබාදෙන මාර්ගවල නියමිත බස් රථ සියල්ලම කලට වේලාවට ධාවනය කළයුතුයි. සේවකයින් සඳහා අවශ්‍ය කරන පහසුකම් හැකි උපරිම අයුරින් ලබා දිය යුතුයි. විශේෂයෙන් ආපනශාලා සේවක විවේකාගාරය සහ සනීපාරක්ෂක පහසුකම් හොඳින් ලබාදිය යුතුයි. ක්‍රම ක්‍රමයෙන් සියලු මාර්ග වල බස් එක දෙකක් හෝ ධාවනය කරමින් රාත්‍රී කාලයේ දී අනිවාර්ය යෙන් බස් රථ කාල සටහන් අනුව ධාවනය කළ යුතුයි. එවිට පැරණි මීතොටමුල්ල ඩිපෝව අපට දැකගත හැකිවේවි...!