
(අංජුල මහික වීරරත්න)
සිංහල දෙමළ අළුත් අවුරුදු මංගල්‍යයේ හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළඳා මාළිගා චතුරස්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ දී අප්‍රේල් මස 16 වැනි බදාදා පෙරවරු 9.04 ට යෙදෙන සුබ නැකතින් සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි.
මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ. මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වෙති.
මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධාන කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2001 අවුරුද්දෙ අපිත් ඔය ස්ථානයේදී හිස තෙල් ගෑමේ උත්සවයට ගියා ලංකාවාසීන් සැමටම ශ්‍රී දළදා වහන්සේගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා