රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී බ්‍රහස්පතින්දා (29) එළිදක්වයි. 27 August 2024
දිලිත් රජයේ වෛද්‍ය නිලධාරීන් හමුවෙයි සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනාධිපති ධූරය අපේක්ෂක දිලිත් ජයවීර මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් බොරැල්ලේ පිහිටි සර්වජන බලය මූලස්ථානයේදී අද (27) පෙරවරුවේ පැවැත්විණි. 27 August 2024
කච්චතිව් මුහුදේ බෝට්ටු අනතුරින් 2ක් අතුරුදන් කච්චතිව් මුහුදේ යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක්වූ ඉන්දීය බෝට්ටුවක සිටි ඉන්දියන් ජාතිකයන් දෙදෙනකු අතරින් දෙදෙනකු බේරාගත් බව ඇති බව නාවික හමුදාව පවසයි. 27 August 2024
තරුණ තරුණියෝ 53 මුහුණු පොත සාදයක මීගමුව වෙරළ තීරයේ හෝටලයක් ආශ්‍රිතව ෆේස් බුක් සාදයක් පවත්වමින් සිටි බව කියන විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියෝ 43 දෙනකු සමග හෙරොයින් , ගංජා සහ නීති විරෝධී දුම්වැටි සමග අත් අඩංගුවට ගත් බව සුරා බදු දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහකාර කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. 27 August 2024
තරඟ පාවාදෙන්න බලපෑම් කළැයි අත්හිටවූ සිරදඬුවම් ඉන්දීය රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමනාකාරවරයා ලෙස කටයුතු කරමින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෆිල්ම්ස්ටඩ්ට හා නවසීලන්ත ක්‍රීඩක නිල් බෲට මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලත් පෙචලෝඩියා ආකාශ් ක්‍රිකට් කළමනාකරුට වසර දහයකට අත්හිටවූ වසර හතරක සිර දඬුවමක් මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනෙවිය අද නියම කළාය. 27 August 2024
පොළොන්තලාවේ ඉඩමක් ජෙෆ්රි බාවාට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්තලාව ගොවි පොළෙහි ඉඩම් කොටසක් ජෙෆ්රි බාවා පදනම වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2024
පියල් නිශාන්ත ආයතන හතරක වගකීම් අතහරියි ධීවර රාජ්‍ය අමාත්‍යවරයා යටතේ ගැසට් කොට තිබෙන ආයතන හතරක වගකීම් වලින් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඉවත් වී තිබේ. 27 August 2024
වරාය නගර නියෝග පාර්ලිමේන්තුවට කොළඹ වරාය නගරය (සහාධිපත්‍ය දේපළ කළමනාකරණය) නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2024
ආබාධ සහිත අයට ඡන්දෙ දාන්න සහයකයෙක් පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට පත්වූ ඡන්දදායකයකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසම පවසයි. 27 August 2024
යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අරඹයි මෙවර යල කන්නයේ ගොවීන්ගේ වී අස්වැන්න මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය අද (27) සිට කටයුතු යොදා තිබේ. 27 August 2024
ආදි වාසී උරුමය රකින්න අලුත් නීතියක් ශ්‍රී ලංකාවේ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2024
සමෘද්ධි නිලධාරීන් ගැන කැබිනට්ටුව ගත් තීරණය සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කළ සේවකයින් හට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අන්තර් ග්‍රහණය වීම සඳහා අවස්ථාව සලසා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2024
ජනපති රාමඤ්ඤ මහා නා හිමි බැහැ දකියි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත අද (27) පෙරවරුවේ පැමිණ අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමි ප්රමුඛ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. 27 August 2024
ජනපතිවරණ නිරීක්ෂණයට යුරෝපා සංගමය එයි ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර පරිපාලන විධිවිධාන කැබිනට් මණ්ඩලයේ සැලකීමට යොමු කර ඇත. 27 August 2024
ඩයනාට චෝදනා බරදී ඇප දෙයි ද්විත්ව පුරවැසි චෝදනා තුනක් යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඇයට බාරදුන්නේය. 27 August 2024
ලබන වසරට පෙළ පොත් අච්චු ගහන්න කැබිනට් අනුමැතිය 2025 වර්ෂයේදී නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2024
නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක් නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (26) සිට පත්කර ඇත. 27 August 2024
වී අලෙවි මණ්ඩලයේ වී මිල තීරණය කරයි වී අලෙවි මණ්ඩලය මඟින් වී මිල දී ගත යුතු මිල ගණන් ඇතුළු තීරණ කිහිපයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2024
ෆවුසිට වසර 10ක අත්හිටැවූ සිරදඬුවමක් එක්සත් ජාතීන්ගෙන් මෙරටට ලබාදුන් ජිප් රථයක් පුද්ගලික පරිහරණයට යොදා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසිට වසර දෙකක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එය වසර 10කින් ගෙවී යන අන්දමට ලිහිල් කිරීමට නියම කළේය. 27 August 2024
ස්විස් පුරවැසි ලාංකිකයා කනගරායන්කුලමේදී මරා දමලා ස්විස්ටර්ලන්තයේ සිට නිවාඩුවකට පැමිණි පුද්ගලයකු වවුනියාව, කනගරායන්කුලම, සින්නඅඩම්පන් ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී පොලු මුගුරුවරින් පහරදී ඝාතනය කොට ඇතැයි කනගරායන්කුලම පොලිසිය කියයි. 27 August 2024
ලංකා පොදුජන පක්ෂයේ සභාපති - ලේකම් යළි රිමාන්ඩ් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත්වීම සඳහා පක්ෂය ලබාදීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති හා ලේකම්වරයා ලබන 10 වැනි දින දක්වා යළි බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(27) නියෝග කළේය. 27 August 2024
ව්‍යාජ ආලේපන අලෙවි කළ අයෙක් අල්ලයි ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනියක් ඉන්දියාවෙන් ආනයනය කර නිත්‍යානුකූලව බෙදා හරින රූපලාවන්‍ය වලට සමාන ව්‍යාජ රූපලාවන්‍ය ආලේපන අලෙවිකල පිළියන්දල සුපිරි වෙළඳ සැලක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 27 August 2024
අයිස් සමග දෙකක් මාට්ටු කැබ් රථයකින් අයිස් වර්ගයේ මත්කුඩු ග්රැම් 500ක් ප්‍රවාහනය කරමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් දෙදෙනෙකු මරදන්කඩවල,ආලංකුලම ප්‍රදේශයේදි කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගනුලැබ තිබේ. 27 August 2024
ජපන් රැකියා පෙන්නූ අයෙක් මාට්ටු ජපානයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 10 මුදලක් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 27 August 2024
විදුලි කණුවේ ගැටී සිව්දරු පියා මරුට බෙලිඅත්ත , උණන ,පලපොත මාර්ගයේදී ටිපර් රථයක් විදුලි රැහැන් කණුවක ගැටී එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය . 27 August 2024
අද වැසි රහිත කාලගුණයක් බසනාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 August 2024
ජාජබ සාමාජිකයකුට කඩු පහර දුන්නැයි සජබ ආධාරකරු දැලේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකුට කඩු පහරදී තුවාල කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ආධාරකරුවකු යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. 27 August 2024
පුංචි ඡන්ද පිටියට ආ 700ක් රට ගිහින් පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් 700කට ආසන්න පිරිසක් ආර්ථික ගැටලු හේතුවෙන් විදේශගතව ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ. 27 August 2024
ඡන්ද පැමිණිලි දහස පනී ජනාධිපතිවරණයට අදාලව මේ වනවිට සමස්ථ පැමිණිලි 1052 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 27 August 2024
ළඟ තබා ගන්න පාස්පෝට් ඉල්ලන්න එපා හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම නිසා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (26) පැවසීය. 27 August 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025