සෙල්ෆිය රුසියන් කතට මරු කැඳවයි බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පොඩිමැනිකේ දුම්රියේ ගමන් ගත් රුසියානු ජාතික විදේශික සංචාරක කාන්තාවක උදෑසන බදුල්ල හාලිඇල දුම්රිය ස්ථානය අතර දී දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්පි ජායාරූප ගැනීමට යාමේදී ගල්පර්වතයක ගැටී දුම්රියෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව හාලිඇල පොලිසිය පවසයි . 19 February 2025
සංජීවට වෙඩි තැබූ වෙඩික්කරුගේ ඡායාරූපය එළියට පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමට නීතිඥ වේශයෙන් අධිකරණයට භූමියට පැමිණි වෙඩික්කරුගේ සීසීටිවි දර්ශන ඡායාරූපය මේ වන විට මාධ්‍යයට යොමු කර ඇත. 19 February 2025
අලුත් කඩේ උසාවියේ වැඩ යළි අරඹයි පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමෙන් පසුව අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවි භූමියේ ආරක්ෂාව තර කරමින් තාවකාලිකව අත්හිටුවා තිබූ නඩු විභාග කිරීමේ කටයුතු යළි ආරම්භ කිරීමට ආරක්ෂක අංශ කටයුතු සලසමින් පවතී. 19 February 2025
රේගු අධ්යක්ෂ ජනරාල්ගේ නමින් වංචනික මුදල් ඉල්ලීමේ ජාවාරමක් රේගු අධ්යක්ෂ ජනරාලවරයාගේ නාමය හා තනතුර වංචනිකව යොදා ගනිමින් වට්ස්ඇප් පණිවුඩ හරහා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලීමේ සංවිධානාත්මක ජාවාරමක් ගැන තොරතුරු වාර්තා වී ඇතැයි අතිරේක අධ්යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 19 February 2025
වෙඩික්කරු සොයා අධිකරණයේ විශේෂ මෙහෙයුමක් ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමෙන් පසුව අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවියේ භූමියේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත. 19 February 2025
සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකිය පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කිරීම අනුව පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කළද සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. 19 February 2025
ඇමෙරිකාවේ නිෂ්පාධිත අවියක්-උණ්ඩ සමඟ අයෙක් අල්ලයි ඇමරිකාවේ නිෂ්පාදිත බෝර දොළහේ ගිනි අවියක් හා එම උණ්ඩ දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කම්මල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසියකියයි. 19 February 2025
දුරකතන ඇමැතුම ඝාතනයකින් අවසන් වෙයි දුරකථන ඇමතුමක් දී පුද්ගලයකු බ්ලු මැන්ඩල් දුම්රියපොළ පාරඅසලට ගෙන්වාගෙන තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි . 19 February 2025
’නොනිදන’ පාස්පෝට් නිකුතුව අද ඇරඹේ ආගමන විගණන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අද (19) සිට පැය 24 පුරා විවෘතව තබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 19 February 2025
අධිකරණය තුළදී ගණේමුල්ල සංජීවට වෙඩි තබා මරයි නඩු කටයුත්තකු සඳහා කොළඹ අලුත්කඩේ අධිකරණයට රැගෙන ආ සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවට අධිකරණ සංකිර්ණය තුළදී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. 19 February 2025
තැනින් තැනට වැසි ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 February 2025
හරක් කටාට සී.අයි.ඩියෙන් පනින්න උදව් කළ පී.සී ඉන්දියාවේදී මාට්ටු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන්ට මත් මිශ්‍ර කිරි ටොපි ලබා දී මහා පරිමාණ සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වකුවන හරක් කටාට පලායාම සඳහා සිදුකළ සැලසුම අසාර්ථක වීමෙන් අනතුරුව පලා ගිය පොලිස් කොස්තාපල්වරයා ඇතුළු සිව් දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය . 19 February 2025
දෙහිවල ලොකු ගින්නක පැපිලියාන, දිවුල්පිටිය තෙමහල් රෙදිපිළි ඇගලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණ යෙන්ම දැවී අලුවී ගොස් ඇතැයි දෙහිවල ගල්කිස්ස මහනගර සභාව පවසයි. 19 February 2025
සාත්තු සේවා රැකියා දෙදාහකට ඊශ්‍රායලයේ දොර ඇරෙයි 2025 වසරේ දී ශ්‍රි ලාංකිකයින් 2000කට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 19 February 2025
මිද්දෙණිය වෙඩි තැබිමෙන් පියා සහ දියණිය මරුට තම දරුවන් දෙදෙනා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට කිසියම් කණ්ඩායමක් ඊයේ රාත්‍රී මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේදි වෙඩි තැබීමෙන් පියා හා යතුරු පැදියේ ගමන් කළ දියණිය මිය ගොස් පුතා තුවාල ලබා රෝහල් ගත කළ බව මිද්දෙනිය පොලීසිය පවසයි. 19 February 2025
සෙලෙන්ස්කී හමුවන්න කැමතියි - පුටින් ඕනෑම මොහොතක, අවශ්‍ය වුවහොත්, තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර තිබේ. 19 February 2025
රුසියන් ඇමෙරිකන් නියෝජිතයෝ හමුවෙති රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්විණි. 19 February 2025
පාප්තුමන්ගේ තත්ත්වය යහපත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 19 February 2025
ගොවීන් දෙදෙනකු අදත් රජයට වී දෙයි වී අලෙවි මණ්ඩලයට අයත් නිකවැරටිය ගබඩාවට අද දහවල් ප්‍රාදේශයේ ගොවීන් දෙදෙනකු මෙම මහ කන්නයේ සිය වී අස්වනු තොගයක් අලෙවි කළ බව වී අලෙවි මණ්ඩලයේ වයඹ කලාප වැඩබලන කළමනාකරු ජී.එස් .ධර්මකීර්ති මහතා පැවසීය. 18 February 2025
බන්ධනාගාර නියාමක කුඩු සමග මාට්ටු පල්ලේකැලේ බෝගමිබර දුම්බර බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයකු ඉතා සූක්ෂම ආකාරයට බන්ධනාගාරයට මත් ද්‍රව්‍ය පාර්සලයක් රැගෙන යාමට උත්සහා කළ අවස්ථාවේ අල්ලා ගත් බව බනාධනාගාර නිලධාරීහු පවසති. 18 February 2025
සීසන් සිසුන් මග දමා ගියොත් ලංගමට වැඩ වරදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්‍රවේශ පත් මිලදී ගත් පාසැල් දු දරුවන්, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රි ලංගම බස්රථ වල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 18 February 2025
ලංවිමෙන් විදුලි බිඳවැටීම් වැලැක්වීමට ක්‍රියාමාර්ග විදුලි සැපයුමේ ජාල ස්ථායිතාව ශක්තිමත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉක්මන් සහ දිගු කාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 18 February 2025
ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක් ආනයනික ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් සඳහා වන බදු අයකරගැනීමට 30 දෙනෙකුගෙන් යුත් සමීක්ෂණ මණ්ඩලයක් අද (17) පත්කළේය. 18 February 2025
මාදැල අදිමින් තිබු ට්රැක්ටරය පෙරැළී රියදුරා මරණයට උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළේ මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් අද( 18 ) උදෑසන පෙරළි යාමේන් එහි රියදුරා ට්‍රැක්ටරයට සිරවි මරණයට පත්ව ඇති බවත් අසාධ්‍ය තත්වයෙන් සිටි සහයකයා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව උඩප්පුව පොලිසිය කියයි. 18 February 2025
එකලස් කළ වාහනයක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී සහ පුතා මාට්ටු එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. 18 February 2025
ආපනශාලා ආහාර මිල ඉහළ දමයි ආපනශාලා ආහාර මිල අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය. 18 February 2025
මන්නාරමේ ළමා රෝග ලොකු දොස්තර නැතිව දරුවන් අමාරුවේ මන්නාරම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක සිට රාජකාරියට වාර්තා නොකිරීම නිසා අලුත උපන් දරුවන් සහ ගැබිණි මවුවරුන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පාලනාධිකාරිය පවසති. 18 February 2025
සූර් පිට පාසලකට ගිය පීසී රිමාන්ඩ් බීමතින් රජයේ පාසැලකට ඇතුල්වී සිසුවියන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (5) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව මල්ලාවි පොලිසිය පවසයි. 18 February 2025
නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකාරුවන්ගේ දර්ශකය පසුගිය ජනවාරිමස 59.0 ක දර්ශන අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 18 February 2025
රට පැන්න කොස්තාපල්ට සහය දුන් අය ගැන තොරතුරු එළියට ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 30 රැගෙන ගොස් එම ගිනි අවිය අපරාධ කල්ලි සාමාජිකයන්ට ලබාදුන් කොස්තාපල්වරයාට ආධාර අනුබල දුන් තවත් පොලිස් නිලධාරීන් කීප දෙනකු පිළිබදව තොරතුරු අනාවරණය වී ඇති බවත් එම නිලධාරීන් ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. 18 February 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026