සැඟවූ කීරි සම්බා තොගයක් අල්ලයි පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ වෙලදසැලකට කොළඹ 12 ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබූ කීරි සම්බා සහල් කිලෝග්රැම් 5,000 කට ආසන්න තොගයක් භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 15 February 2025
අල්ලස් ගත් පිඒච්අයි රිමාන්ඩ් ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ අවන්හලකින් වෙළඳ බලපත්‍ර අලුත් කිරීම සඳහා රුපියල් ලක්ශ දෙකක අල්ලස් මුදලක් ලබාගත් බවන කියන චෝදනාවක් යටතේ ගලේවෙල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල සම්ත්රූත් ජෙහාන් මහත්මිය අද (15) දින නියෝග කළාය . 15 February 2025
කුරුවිට ලක්ෂ පහේ කොල්ලයේ තුනක් රිමාන්ඩ් මීට මාස දහහතරකට පෙරදී මැණික් ගලක් අලෙවි කිරිමට බව පවසා කුරුවිට පුදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුලුවී ගිනි අවි පෙන්වා නිවැසියන්ට පහර දී තුවාල සිදුකර, බියවද්දා රුපියල් ලක්ෂ විසිපහක මුදලක් කොල්ල කෑ අපරාධයේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් මේ මස 27දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් දුලානි සන්ධ්‍යා මහත්මිය අද (15) නියෝග කළාය. 15 February 2025
මහාචාර්ය සනත් නන්දසිරි වෙනුවෙන් සමරු මුද්දරයක් දිවංගත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ 83 වැනි ඡන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් උඩහමුල්ල සිරි ජිනරතනාරාම විහාරස්ථානයේදි අද (15) නිකුත් කලේය. 15 February 2025
දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 15 February 2025
මිනුවන්ගොඩ වෙඩි තැබීමට දෙකක් සැක පිට මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී කරවල ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය පවසයි. 15 February 2025
විද්‍යා පීඨ ගුරු පුහුණුව හොඳ කළක් යයි විද්‍යාපිඨ තුලින් දෙන ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස්වී නොමැති බවත් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරමින් නවීණ අධ්‍යාපන දැනුමින් සන්නද්ධ කිරීම වත්මන් රජයේ ප්රමුඛ අරමුණක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 15 February 2025
කඩවත ගනේමුල්ල පාරේ ගිනිගත් මළ සිරුරක් කඩවත මංගල මාවත ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක තිබී සිරුරට ගිනි ඇවිලනු මළ සිරුරක් අද (15) හමුවූ බව කඩවත පොලිසිය පවසයි. 15 February 2025
මාර්ග අධිකාරිය අයිති නැති වැඩට කෝටි 14000ක් පුදලා මාර්ග සංවර්ධන අධිකාරිය තම විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි දා හතර දහස් හත්සිය පහළොවක් (14715ක් ) වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 15 February 2025
බසයක් පෙරලී 3ක් රෝහලට ලුණුගම්වෙහෙර සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් අද අළුයම පානදුර ගුවන් පාලම යට පෙරළී යාමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි. 15 February 2025
එජාපයට නව උප සභාපතිවරයෙක් එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ. 14 February 2025
අයවැයට පාර්ලිමේන්තුවේ වැඩ වෙන්නේ මෙහෙමයි 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත. 14 February 2025
සජබෙන් දිස්ත්‍රික් නායකයන් හතක් සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 7ක් සදහා නායකයින් පත්කර තිබේ. 14 February 2025
කන්කසන්තුරේ තැපැල් දුම්රිය ගැන දැනුම් දීමක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය අද (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 14 February 2025
පුංචි ඡන්ද පනතට උපදේශක සභාවේ අනුමැතිය පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත 14 February 2025
ජාතික ක්‍රීඩා සභාවට නව සභාපතිවරයෙක් ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු රග්බි නායකයෙක් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙක් වන ප්‍රියන්ත ඒකනායක මහතා පත්කර තිබේ. 14 February 2025
ඔරු පදිමින් සිටි තරුණයා ගිලලා එස්කිමෝ ඔරුවක (කායැක්) නැගී, මැගලන් සමුද්‍ර සන්ධියේ ඔරු පදිමින් සිටි චිලී ජාතික තරුණයකු තල්මසකුගේ විසින් අත්වැරදීමකින් ගිල්ල බවත්, එසැණින් තරුණයා පිටතට දැමීමට තල්මසා කටයුතු කළ බවත් වාර්තා වේ. 14 February 2025
සියලුම වී මෝල් ලියාපදිංචි කිරීම අරඹයි කුඩා, මධ්‍යම සහ මහා පරිමාන සියලුම වී මෝල් ලියාපදිංචි කිරීමට රජය පියවර ගෙන ඇතැයි වි අළෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසීය. 14 February 2025
’’ඩේසි ෆොරස්ට්ට විදෙස් තහනමක් පනවා නෑ’’ ඩේසි ෆොරස්ට් නමැත්තියට විදෙස් ගමන් තහනමක් පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවද තමන් එවැනි විදෙස් තහනමක් ඩේසි ෆොරස්ට් නමැත්තිය සඳහා නිකුත් නොකළ බව කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (14) දින විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය 14 February 2025
ආනන්ද - නාලන්දා ආදි සිසුවෝ එක්සත් ආරාබියේදී ගැටෙති එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන කොළඹ ආනන්ද සහ නාලන්දා විදුහල්වල ආදි සිසුන් අතර 15 වැනි වාර්ෂික ක්‍රිකට් සහ රග්බි තරග අජ්මාන්හි රාජකීය ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී හෙට (15) දිනය පුරා පැවැත්වේ. 14 February 2025
විදුලි කප්පාදුව ගැන කණගාටුව පළකරයි නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීය වීමෙන් විදුලි සැපයුම කප්පාදු කිරීමෙන් පාරිභෝගික ජනතාවට සිදුවූ අපහසුතාව පිළිබඳව කණගාටුව පළකරන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 14 February 2025
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 2-0 කින් ඕස්ට්‍රේලියාව පරාජය කරති ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ලැබීමට අද (14) සමත් විය. 14 February 2025
රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පත් කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ පත් කරනු ලැබ සිටිති. 14 February 2025
විවිධ වෛද්‍ය ක්‍රම එක තැනකින් ගන්න ක්‍රමයක් හදයි විවිධ වෛද්‍ය ක්රමයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වෛද්‍ය ප්‍රතිකාර සේවාවක් ලබා දීම එකම රෝහලක දී සිදු කිරීමේ නව ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. 14 February 2025
රක්ෂිතයේ මැණික් ගැරූ 15ක් අල්ලයි බලන්ගොඩ වලේබොඩ වළවෙිි ගඟ රක්ෂිතයේ අනවසරෙන් මහා පරිමාන පතල් කපා මැණික් ගරමින් සිටි සැකකරුවන් 15 දෙනෙකු අද (14) දා අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ අඩවි වන නිළධාරි කාර්යාලය පවසයි. 14 February 2025
තුර්කි ශිෂ්‍යත්ව කෝටාව වැඩි කරයි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ තුර්කි ජනරජයේ තානාපති සෙමි ලුට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා අතර හමුවක් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 14 February 2025
නාමල් - ජුලී චන්ග් හමුවක් USAID මගින් මුදල් ආධාර ලබා දුන්නේ කාටද කුමන සංවිධාන වලටද කුමන පුද්ගලයින්ටද යන්න සොයා බැලීම සදහා තේරිම් කාරක සභාවක් පත්කිරීමට කථානායක වරයාට තමන් ලිපියක් බාරදුන් බවත් කඩිනමින් මේ තේරීම් කාරක සභාව පත්කර USAID මගින් ආධාර ලබාදුන්නේ කාටද යන්න බලාගත හැකි බවත් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇමරිකා තානාපතිනිය ජුලී චන්ග් මහත්මිය මුණ ගැසී පැවසීය. 14 February 2025
සංවර්ධනයට පෙර ජනතාවගෙන් අහන්න නගරයක් ප්‍රදේශයක් සංවර්ධනය කිරීමේදී සියලු දෙනාගේ අදහස් විමසිය යුතු බවත් එසේ නොවුණහොත් යම් විරෝධයන් ඇති විය හැකි වුවත් අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුත්තක් නම් ඩෝසර් කර හෝ එය සිදුකළ යුතුව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. 14 February 2025
නාමල් නීති විභාගය ලියූ අයුරු ගැන විමර්ශන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ පැවැති විභාගයට නීතිඥවරුන් දෙදෙනකුගේ සහය ඇතිව නීත්‍යානුකූල නොවන ආකාරයෙන් නීති උපාධිය ලබා ගත් බවට ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත. 14 February 2025
පුංචි ඡන්ද පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීම අවශ්‍ය වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතරය සමන්විත වන විනිසුරුවරුන් දෙදෙනකු විසින් තීන්දු කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද නිවේදනය 14 February 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026