පැහැරගෙන මුදල් කොල්ල කෑ පොලිසියේ දෙකක් සැකපිට කොළඹ කෙසෙල්වත්ත සහ ආදුරුප්පුවිදිය පොලිස් වසම්වලදී පුද්ගලයන් පැහැරගෙන ගොස් පහරදී මුදල් කොල්ලකෑම් සිද්ධි සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය කියයි. 26 March 2025
උණ්ඩයක් රැගෙන ජනපති කාර්යාලයට ආ සෙබළා මාට්ටු තම බෑගයේ උණ්ඩයක් සඟවාගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට තැත් කළ යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ජනාධිපති ආරක්ෂක අංශය නිලධාරීහු පවසති. 26 March 2025
විදුලි ඇමැතිගෙ ගමෙත් දින හතරක් ලයිට් නෑ සිව් දිනකට ඉහතදී හමා ගිය සුළඟක් සමග ඉංගිරිය ඇතුළු ප්‍රදේශ රැසක කිලෝ මිටර් 4 ක පමණ දුර ප්‍රමාණයක විදුලිය ඇණ හිටීමත් සමඟම නැවත යථා තත්වයට පත් කිරිමට විදුලි බලමණ්ඩලය අපොහොසත් වී ඇතැයි මහා ඉංගිරිය අවට ප්‍රදේශවල ජනතාව චෝදනා කරති. 25 March 2025
ගම්මන්පිල බ්‍රිතාන්‍යයෙන් ප්‍රශ්නයක් අහයි රණවිරුවන් යුධ අපරාධ කරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය කළ පරීක්ෂණය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 25 March 2025
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 25 March 2025
ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතුයි ශ්‍රී ලංකාවට එන ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 March 2025
කතුන්ගෙන් 90% පොදු ප්‍රවාහනයේ දී හිංසනයට කාන්තාවන්ගෙන් 90% ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 25 March 2025
දේශබන්දු නෙරපීමේ යෝජනාව 08වැනිදා මැතිසබේට? දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳව ඉදිරිපත් කෙරුණු යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. 25 March 2025
ස්කෑන් යන්ත්‍රයක් රේගුවේ සිරවීමේ වගකීම සෞඛ්‍ය බලධාරීන්ගේ කළුතර මහ රෝහලට ආනයනය කළ රුපියල් කෝටි 15ක් පමණ වටිනා සී.ටී. ස්කෑන් යන්ත්‍රය මාස එකහමාරක පමණ කාලයක් රේගුවේ රඳවා තබාගෙන සිටීමට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශය එය නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් නොකිරීම බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඊයේ (25) පැවසීය. 25 March 2025
මත් ජාවාරම්කරුගේ ගෝලයා ‘අයිස්‘ සමඟ මාට්ටු විදේශගතව සිටින මත් ජාවාරම්කරුවකුගේ ගෝලයෙකු බව කියන පුද්ගලයකු ලක්ෂ දහයකට අධික අයිස් මත්ද්‍රව්‍ය හා අලෙවියෙන් උපයාගත් රුපියල් 64,200 ක මුදල් සමඟ ගල්කිස්ස ඥානතිලක පාර බෝගස අසලදී අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 25 March 2025
’’ලොවම දිනිය හැකි දරු පරපුරක් ගොඩනගනවා’’ ආර්ථික අවස්ථා අත්පත් කරගත හැකි දරු පරපුරක් බිහි කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය. 25 March 2025
අයවැයෙන් විශ්‍රාමිකයන් ආමාරුවේ දාලලු මෙම වසරේ අයවැය තුළින් රාජ්‍ය සේවක වැටුප් සහ 2020 වසරට පෙර විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප ඉහළ දැමීමෙන් විශ්‍රාමිකයන් 150,000 ක පමණ පිරිසකගේ විශ්‍රාම වැටුපේ විශාල විෂමතාවක් ඇති වී තිබෙන බව රජයේ විශ්‍රාමිකයන්ගේ එකමුතුව පැවසීය. 25 March 2025
කපා දැමූ සෞඛ්‍ය දීමනා යළි දෙයි රාජ්‍ය පරිපාල චක්‍රලේඛ 10/2025 මගින්, කපා දැමීමට යෝජනා කර තිබූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අමතර සේවා දින සහ අමතර සේවා පැය සඳහා මෙතෙක් ගෙවනු ලැබූ දීමනා ක්‍රමය යළි තහවුරු කිරීමට රජය එකඟ වූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය. 25 March 2025
රෝග තුනක් ගැන කතා කරන්න ගෝලීය අරමුදල සුව ඇමති හමුවෙයි ගෝලීය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද පැවැත්විණි. 25 March 2025
හොරෙන් ගෙනා වාහන අල්ලන්නැයි නියෝගයක් හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් රේගුවට හොරෙන් ලියාපදිංචි කළේ යැයි කියන සුඛෝපභෝගී වාහන 19 ක් වහාම අත්අඩංගුවට ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අල්ලස් කොමිසමට අද (25) නියෝග කළාය. 25 March 2025
‘‘බ්‍රිතාන්‍ය සම්බාධක ගැන ජනපති මොකද කියන්නේ‘‘ ශ්‍රී ලාංකිකයන් හතර දෙනකුට එංගලන්තය ඊයේ (24) රාත්‍රී සම්බාදක පැනවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවර වහාම ජාත්‍යන්තරයට දැනුම්දිය යුතු බවත් රටට සාමය ගෙනඒමට කැපවූ වීරෝදරා රණවිරුවන් වෙනුවෙන් ජාතියක් සහ රටක් ලෙස පෙනී සිටින්නේ යැයි ජාත්‍යන්තරය දැනුවත් කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (25) පැවසීය. 25 March 2025
හදවත උණු වුණු ළමා දොස්තර ඇදුම රෝගය උත්සන්න වී මාතර මහ රෝහලට පැමීණි දස හැවිරිදි දරුවකුට අවශ්‍ය ඇස්තලින් සොලූෂන් නැමැති ඖෂධය එම අවස්ථාවේ නොමැති වීම නිසා දරුවා පත් වූ තත්වය දැක සංවේදී වු ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා එම ඖෂධ තොගයක් පුද්ගලික වියදමින් පරිත්‍යාග කළේය. 25 March 2025
තොටළඟ වෙඩික්කරු මාට්ටු තොටළඟ නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරු අද (25) අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ් පාස් පොලිසිය පවසයි 25 March 2025
පාර්ලිමේන්තුවේ දිග හැරෙන දේශබන්දුගේ විෂමාචාර මෙන්න දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් කථානායක ජගත් වික්‍රමරත්න මහතාට බාර දුන් යෝජනාවේ ඔහුගේ විෂමාචාර ක්‍රියා 27ක් දක්වා තිබේ. 25 March 2025
‘‘එක්ස්ප්‍රස් පර්ල් ගිනි ගත්තේ නයිට්‍රික් අම්ලයෙන්‘‘ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට හේතූව වී ඇත්තේ එහි තිබූ කොන්ටේනර් දෙකකින් ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීමෙන් ඇතිවූ ගින්නක් බවත් විමර්ශන වලදී හෙළි වී ඇතැයි පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන් නීතිපතිවරයා නෞකාව ගිනි ගැනීමට වගකිව යුත්තේ නෞකාවේ කාර්ය මණ්ඩලය සහ නැව පාලනය කළ සමාගම යැයිද දැනුම් දුන්නේය. 25 March 2025
ෆොන්සේකා සජබෙ කේන්දරය බලයි සමගි ජන බලවේගය ඉදිරියේදී තවත් දරුණු ලෙස කඩා වැටීමට ලක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 25 March 2025
දේශබන්දු ගෙදර යවන්න සජබෙත් සහය අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 25 March 2025
යෝගී පාටෙල්ට කෝටි අට හමාරක දඩ:වසර හතරක සිරදඬුවමක් මහනුවර පල්ලේකැලේ දී පසුගිය 2024 වසරේ පැවැති ලෙජනඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට යෝජනා කළ කණ්ඩායමක හිමිකරුවකු වන යෝගී පටෙල් නමැත්තාට රුපියල් මිලියන 85ක දඩ මුදලක් හා වසර හතරක ලිහිල් සිර දඬුවමක් ලබාදීමට මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා අද නියෝග කළේය. 25 March 2025
ජනතාවට වින කළ පොලිස්පති ජන වරමේ බලයෙන් ඉවත් කරනවා ජනතාවට වින කළ පොලිස්පතිවරයා ජනවරමේ බලය පාවිච්චි කරමින් ඉවත් කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 25 March 2025
මහාචාර්ය ගණනාත් දිවියට සමුදෙයි ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකු වන ගණනාත් ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත. 25 March 2025
දේශබන්දුට චෝදනා හතරක් දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේගය කතානායක ජගත් වික්‍රමරත්න මහතාට බාර දුන් යෝජනාවේ චෝදනා හතරක් දක්වා තිබේ. 25 March 2025
ලංකා-චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලොකු පුටුව බිමල්ට ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සභානායක, ප්‍රවාහන මහාමාර්ග, වරාය, හා සිවිල් ගුවන්සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා තේරී පත් විය. 25 March 2025
කාන්තාවගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට දැමු පීසී අත්අඩංගුවට කාන්තාවක සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ඇයගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් පුද්ගලයන් අතට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලිසිය පවසයි. 25 March 2025
පෑලියගොඩ වෙළෙන්දෝ විරෝධයක පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේ උඩුමහලේ පලතුරු වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයන්ට හා පාරිභෝගිකයන්ට විවිධ ගැටලු හා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවී ඇතැයි චෝදනා කරමින් එම ව්‍යාපාරිකයෝ හා සේවකයෝ උද්ඝෝෂණයක් නිරත වූහ. 25 March 2025
නාම යෝජනා ප්‍රතික්ෂේපයට හේතුව හිටපු මැකෝ කියයි මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී යම් යම් පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් වල නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පනතේ (නීති) ගැටලුවක් හේතුවෙන් නොව මැතිවරණ කොමිසම ලබා දුන් උපදෙස් පිළිබඳව සැළකිලිමත් නොවීම සහ අවබෝධයක් නොතිබීමේ හේතුවෙන් සිදුවූවක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. 25 March 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026