(ගයාන් සූරිය ආරච්චි)
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඊයේ (27) කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 52 පුද්ගලයෙකි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී විශාල කණ්ඩායමක් ඊට විරෝධය පළ කරමින් විරෝධතාවයේ නියැලී සිටි අතර එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට පුද්ගලයෙකු විසින් බෝතලයකින් පහර දී තුවාල සිදු කර තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොන්ද වැඩේ. නීතීයෙන් උපරිම දඩුවම් දිය යුතුයි. දූෂිත දේසපාලුවෙක් වෙනුවෙන් පෙනී ඉන්න ඒකාබද්ධ දූෂිතයින්ගේ එකමුතුව...
විපක්ෂයේ නීතීඥයෝ දැන් ලෝක වාර්තා බිඳගෙන දුවගෙන එයි පෙනීසිටින්න...
ඒකාබද්ධ විරෝධතාකරුවන්ගේ විරෝධතාවයේ සැබෑ ස්වරූපය බෝතල් ප්‍රහාරයෙන් පෙන්නුම්කරයි. එබැවින් මෙය විරෝධතාවක් නොව ගහමරාගැනීමට කරන ඉල්ලීමකි.