රණවිරුවන්ට දාන සම්බාධක හෙලා දකිමි මානව හිමිකම් චෝදනා ගැන කියමින් එක්සත් රාජධානිය පනවන සම්බාධක තරයේ හෙළාදකින බව පොදු ජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 25 March 2025
යෝෂිත-බිරිය පොලීසියට කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිය අද (25) කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිහ. 25 March 2025
බීමත් පිරිසක් මිහින්තලා හිමිට බැන තර්ජනය කරලා ඓතිහාසික මිහින්තලා රජමහා විහාර භූමියට බීමත්ව වෑන් රථයකින් පැමිණි පිරිසක් එහි වැඩ සිටි ස්වාමීන් වහන්සේලාට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමට උත්සාහ කළ බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියෝ පවසති. 25 March 2025
දේශබන්දු ඉවත් කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා තනතුරින් ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ. 25 March 2025
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 8 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා යොදා ගත් බවට සැක කරන හමුදා නිල ඇඳුම් කොටස් කීපයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 25 March 2025
හිටපු ලොක්කෙක් දුවටත් මැතිසබේ වාහනයක් දීලා පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිය දියණියගේ ගමනාගමන කටයුතු සඳහාද කාලයක් තිස්සේ එහි වාහනයක් සහ ඉන්ධන යොදා ගෙන ඇතැයි පාර්ලිමේන්තු වාහන සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත. 25 March 2025
ත්‍රිරෝද සොරාගෙන විකිණු සංවිධානාත්මක කල්ලියක් අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ත්‍රිරෝද රථ සොරාගෙන චැසි සහ එන්ජින් අංක මෙන්ම වර්ණ වෙනස්කර විකිණීමේ ජාවාරමක යෙදුණු හත් දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. 25 March 2025
කැනඩාවට පනින්න හැදූ 11ක් ගුවන්තොටේදී අල්ලයි කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු සහ ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ තැරැව්කරුවෙකු , කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ . 25 March 2025
බ්‍රිතාන්‍ය මෙරට හතර දෙනකුට දොර වහයි නීති විරෝධී ඝාතනය කිරීම්, වධ හිංසා සහ ලිංගික හිංසන සිදු කිරීම් ඇතුළු මෙරට සිවිල් යුද්ධය පැවැති කාලයේදී සිදුකළ දැඩි මානව හිමිකම් කඩ කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරුන් තිදෙනකුට සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්රධානියකුට බ්‍රිතාන්‍ය රජය විසින් සම්බාධක පනවනු ලැබුවේය. 25 March 2025
අදත් තැනින් තැනට තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 March 2025
දේශබන්දුට තුන් වේලම ගෙදරින් කෑම දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තුන්වේලම ගෙදරින් කෑම ගෙන ඒමට එහි අධිකාරීවරයා අවසරදී ඇත. 25 March 2025
තානාපති වාහන අංකවලට පිට වාහන දුවලා: පාඩුව කෝටි දොළහයි අවලංගු කරන ලද විදේශ රාජ්‍ය තාන්ත්‍රික වාහන අංක යොදා වෙනත් වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් රජයට රුපියල් කෝටි දොළහකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි රජයේ විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(කෝපා) දැනුම් දුන්නේය. 24 March 2025
රත්නපුරෙන් වසරකට ක්ෂය රෝගීන් 400යක් රත්නපුර දිස්ත්‍රික්කයේ ක්ෂයරෝගය වැළඳුන රෝගීන් හාරසියයක් 2024 වර්ෂයේ හඳුනාගත් අතර ඉන් 42 පමණ ජීවිතක්ෂයට පත්වු බව විශේෂඥ වෛද්‍ය සමන් කපිලවංශ මහතා පැවසුවේය. 24 March 2025
මහපොළ ප්‍රමාදය වළක්වන්න පියවර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදයකින් තොරව ලබා දීම සඳහා කෙටිකාලීන පියවර වෙත අවදානය යොමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය. 24 March 2025
රනිල් 76වැනි උපන් දිනය සමරයි ජනතාව අද පහසුවෙන් ජීවත් වන්නේ රට වැටුණු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ නිසා බව බඹරැන්ද කුරුඳුරේ පූර්වාරාම රජමහා විහාරාධිපති දොඩම්පහළ රාහුල නා හිමියෝ පැවැසූහ. 24 March 2025
තරුණ සභාවේ අමුතු ගැහිල්ලක් ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි වී සභාවටම භාණ්ඩ මිලදී ගැනීමට වැඩි මිල ගණන් ඉදිරිපත් කරමින් මැදිහත්ව ඇතැයි කෝප් අනුකාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 24 March 2025
කෑම පැකට්ටුව දුම්රිය ප්‍රමාද කරයි කෑම පාර්සලය නියමිත වෙලාවට රියදුරු කුටියේ නොතැබීමට විරෝධය දක්වමින් කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය පසුගිය 22 වැනිදා විනාඩි 30 කට අධික කාලයක් ප්‍රමාද කළ රියදුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 24 March 2025
රැකියා කණ්ඩායම් දෙකක් අද ඊශ්‍රායලයට ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් දෙවැනි කණ්ඩායම අද (24) දිවයිනෙන් පිටත් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. මෙම කණ්ඩායමට රැකියාලාභීහු 20 දෙනෙක් ඇතුළත් වෙති. 24 March 2025
කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක් කොළඹ කොටස් වෙළෙඳපොළ කැපී පෙණෙන වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 33.28 ක් දක්වා අද (24) ඉහළ ගිය බව එම වෙළෙඳපොළේ උසස් නිලධාරියෙක් පැවසීය. 24 March 2025
බහරේන් යන අයට එන්නතක් අනිවාර්ය කරයි බහරේන් රාජ්‍යයට පැමිණෙන විදේශිය ශ්‍රමිකයන්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවිම වලක්වීම සඳහා භාවිතා කරන Meningococcal vaccine එන්නත්කරණය අනිවාර්යය කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කරයි. ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ද මෙම එන්නත අනිවාර්ය වේ. 24 March 2025
නව කම්කරු කොමසාරිස් වැඩ බාර ගනී නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස පත් කෙරුණු නදීකා වටලියද්ද මහත්මිය නාරාහේන්පිට - මෙහෙවර පියස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී අද වැඩ බාර ගත්තාය. 24 March 2025
පාරිභෝගික අධිකාරිය විශේෂ මෙහෙයුමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බවත් එම විශේෂ වැඩසටහන අප්‍රේල් මස 25 දින දක්වා ක්‍රියාත්මක කරන බවත් එම අදිකාරිය පවසයි. 24 March 2025
උසස් කමිටුවෙන් තව ලොක්කන් තුනකට අනුමැතිය නව තානාපතිවරුන් දෙදෙනෙකු සහ මහ කොමසාරිස්වරයකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය දුන්නේය. 24 March 2025
ඇමෙරිකා පුණ්‍යායතනය සුව ඇමති හමු වෙයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර පුණ්‍යායතනයේ (Latter-day Saint Charities) නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් අද (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 24 March 2025
දුම්රිය රියදුරන් බඳවා ගන්න යයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින දුම්රිය රියදුරු තනතුරේ පුරප්පාඩු පිරවීම සදහා අයදුම් පත් කැඳවා ඇතැයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමයේ හිටපු ලේකම් එස්.ආර් .සී .එම්.සේනානායක මහතා පැවසීය. 24 March 2025
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පුද්ගලයින් 32 ක් අත්අඩංගුවට නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් 32 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 24 March 2025
ඩීසල් පානය කළ දරුවෙක් මරුට නිවෙසේ මිදුලේ ප්ලාස්ටික් බෝතලයක තිබූ ඩීසල් පානය කළ බව කියන අවුරුද්දයි මාස නවයක දරුවෙකු මියගොස් ඇති බව කයිට්ස් පොලිසිය පවසයි. 24 March 2025
විනෝදයට ඔරු පැද්ද දෙන්නෙක් ගිලී මරුට කළුතර කලපුවේ විනෝදයට ඔරු පදිමින් සිටී පුද්ගලයන් දෙදෙනෙකු දියේගිලී මියගොස් ඇති බව කලුතර දකුණ පොලීසිය කියයි. 24 March 2025
නව රාජ්‍ය දූතයෝ තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර දෙති ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද(24) සිය අක්තපත්‍ර බාර දුන්හ. 24 March 2025
ගුවන් යානය වැටුණේ නියමුවන්ගේ අත් වරදින් ගුවන් හමුදා ප්‍රහාරක බල ගණයට අනුයුක්ත ගුවන් නියමුවන්ගේ පුහුණු ගුවන් යානයක් කඩා වැටීමට හේතුව එම පුහුණු නියමුවන්ගෙ අත්වැරැද්දක් බව ප්‍රවාහන, මහා මාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 24 March 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026