IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘උරුමය‘‘ ඔප්පු පෙන්නා කෝටි නවයක් ගැරූ කත අල්ලයි

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘‘උරුමය‘‘ වැඩසටහන යටතේ ස්ථිර ඔප්පු ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයන් විශාල පිරිසකගෙන් රුපියල් 98,430,000/= ක ( රුපියල් නවකෝටි අසු හතර ලක්ෂ තිස් දහසක මුදලක්.) වංචා කළ ව්‍යාපාරික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ , දෙවන පියවර තරුණ ගොවි ව්‍යාපාර,බකමූණ ප්‍රදේශයේ පදිංචි මැණික් හා ඉඩම් විකිණීමේ ව්‍යාපාරයක් සිදු කරන කාන්තාවකි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටියදී ඔප්පු නොමැතිව වසර ගණනාවක් පදිංචිව සිටි පවුල් සඳහා උරුමය වැඩසටහන යටතේ ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවූ අතර ඒ මුවාවෙන් සැකකාරිය ස්ථිර ඔප්පු ලබාදෙන බවට පොරොන්දු වී කල්මුණේ ප්‍රදේශයේ පුද්ගලයන් 164 කුගෙන් රුපියල් 98,430,000/= ක මුදලක් ලබාගෙන විශ්වාසය කඩ කර මුදල් වංචා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ (1) වෙත පැමිණිලි ලැබී තිබිණි.

ඒ අනුව විමර්ශන පැවැත්වූ වාණිජ අපරාධ විමර්ශන අංශ (1) නිලධාරීන් එම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම අංශය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

‘‘උරුමය‘‘ ඔප්පු පෙන්නා කෝටි නවයක් ගැරූ කත අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site