
(ෂේන් සෙනෙවිරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්ව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයකු වන වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
රජයේ නිලධාරියකු වශයෙන් සහ වෛද්‍ය ආචාරධර්මවලට අනුකූලව එසේ කළ නොහැකි බවත් විශේෂයෙන් රෝගියකුගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් වෙනත් පාර්ශවලට කරුණු හෙළි කළ නොහැකි බවත් අමාත්‍යවරයා කීය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා ඊයේ (27) එසේ පැවසීය.
එම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට එවැනි නිවේදන නිකුත් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර ලබමින් සිටියේ ඔහුගේ අංශයක නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.
ජාතික රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන සෑම රෝගියෙකුම රෝගියකු පමණක් බවත් එම රෝගියා සම්බන්ධයෙන් නිවේදන නිකුත් කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ඔහුට අදාළ නොවන කටයුත්තක් කර ඇති බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නා තරමින් නම් රෝගියකු පිළිබදව විස්තර ලබාදිය හැක්කේ රෝගියාගේ ළගම ඥාතායෙකුට හෝ බාරකරුවකුට පමණි. මතකයේ හැටියට මෙම වෛද්‍යවරයා එක්තරා දේශපාලන පක්ෂයක සංවිධායකවරයෙකි. රාජ්‍ය සේවකයකුට තම තනතුරු දරමින් සිටියදී දේශපාලනය කළ හැකිද?
රනිල්ගෙන් පළිගන්න ගිහිල්ලා පස්ස බිම ඇණුන එකට ආණ්ඩුවටයි ඩෝබිලාටයි මෙච්චරම රිදිලාද? පවුනේ?...
බෙල්ල නැහැ...
දේශපාලනඥයින්ගේ රූකඩ වන මේ වගේ මෝඩ වෛද්‍යවරු අපිට ඉන්නවා. කියන්න ලැජ්ජයි.
මෙයත් ඉතින් පලපුරුදු එක්කෙනෙක්නේ..