(චමින්ද වැවතැන්න)
පුද්ගලයකු අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නාවික හමුදාපති යළි සැප්තැම්බර් 10 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී,පී,ජී ප්‍රනාන්දු මහතා අද නියෝග කෙරිණ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිටපු නාවික හමුදාපති වන දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න නමැත්තෙකි.
2010 අගෝස්තු මස 26 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී පොතුහැර පොලිස් පදිංචිව සිටිය දී අලව්ව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන සිටි ගනේරාළලාගේ ශාන්ත සමරවීර නැමැත්තා පැහැරගෙන දෑස් බැද වෑන් රථයකින් ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට රැගෙන ගොස් භූගත බංකරයක රදවා සිට තිබේ.
එවකට නාවික හමුවේ බුද්ධි අංශ ප්‍රධානියා ලෙස සේවය කර ඇති දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න නැමැත්තා කොළඹ සිට ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට පසුව ගොස් තිබුණි.
එම අවස්ථාවේ දී අත් අඩංගුවට ගෙන භූගත බංකරයේ රදවා සිටි එල්,ටී,ටී,ඊ සමාජිකයන් යැයි කියන තරුණන් පිරිමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් සිට ඇති බවත් එම බංකරයට ද අලව්ව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන සිටි පුද්ගලයා ද යොමු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.
මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයා ඇතුළු 11 ක් අත් අඩංගුවට ගෙන ඉකුත් 30 වැනිදා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී පළමු සැකකරුගේ සිට නව වැනි සැකකරු දක්වා ඇප මත මුදා හරින ලෙසත් 10 වැනි සැකකරු හා 11 වැනි සැකකරු වන හිටපු නාවික හමුදාපති දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න යන දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කර තිබුණි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
හිටපු නාවික හමුදාපති උළුගෙතැන්න යළි රිමාන්ඩ්
උළුගෙතැන්න "නමැත්තා"වගේ අය නැත්නම් නඩු අහන්නවත් රටක් ඉතුරුවෙන්නේ නැහැ ! Wednesday, 27 August 2025 04:02 PM
උළුගෙතැන්න "නමැත්තා"වගේ අය නැත්නම් නඩු අහන්නවත් රටක් ඉතුරුවෙන්නේ නැහැ !
අතුල Wednesday, 27 August 2025 05:05 PM
හමුදාවක බුද්ධි අධ්‍යක්ෂක කෙනෙක් මිනිස්සු අත් අඩංගුවට ගන්නේ නැහැ. ඒක කරන්නේ පහළ සිටින නිලධාරීන්. ඒ කරපු නිලධාරියාව අත් අඩංගුවට ගන්න බැරිව, බුද්ධි අධ්‍යක්ෂකව අත් අඩන්ගුවට ගන්නවා. එහෙනම් නාවුක හමුදාපති විතරක් නොවෙයි, ත්‍රිවිධ හමුදා සේනාධිනායක වන ජනාධිපති වත් අත් අඩංගුවට ගන්න ඕනෑ. වැරැද්ද කරපු කෙනාව හොයා ගන්න බැරි උනාම, මොකෙක් හරි එකෙක් අල්ලලා උසාවි දාන එක පොලිසියේ පජාති වැඩක්. අනුන් කරපු වැරැද්දකට, හිටපු හමුදා පති කෙනෙක් රිමාන්ඩ් කරනවා කියන්නේ, බරපතල ගැටළුවක්. නිකම් හමුදාපති කෙනෙක් වෙන්න බැහැ. අනික පසුගිය යුදමය වාතාවරණයේදී මේ නිලධාරීන් කරපු සේවය, කැපවීම පොලිසියට තේරුම් ගන්න තරම් වත්, තේරුම් ගන්න වුවමනාවක් වත් නැති එක කණගාටුයි.