
(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරිම සඳහා දේශපාලන පක්ෂ මෙන් ම සිවිල් සංවිධාන ඇතුළු පුළුල් එකමුතුවක් ගොඩනැගීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් අද (27) තීරණය කරනු ලැබිය.
මේ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පත්කර තිබේ.
විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නායක සහ නියෝජිත හමුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයෙදී අද (27) දෙවන දිනටත් රැස්විය.
ඒ අනුව සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල නියෝජිතයෝ මේ සඳහා එක්ව සිටියහ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට, නීතිඥවරුන්ට, සිවිල් සංවිධාන නියෝජිතයින්ට, පොදු මහජනතාවට සහ ඒ සඳහා එක්ව කටයුතු කළ සියලු දෙනාට ම සිය ස්තුතිය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදි පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ මතු වූ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අභියෝගය ජයග්‍රහණය කිරීමට සියලු පාර්ශව සමඟ ඒකාබද්ධ අඛණ්ඩ වැඩපිළිවෙලක් දියත් කිරීමේ අවශ්‍යතාවය ද විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර ගෝ ගම ඉවරද ?
මොන සන්ධාන හැදුවත් ඔය කාටවත් මේ රටේ ජනතාව අන්දවන්න දැන් බැහැ !!! හොරු, මිනීමරුවෝ, බැංකු කොල්ලකාරයෝ ,රටේ ජනතාවගේ ධනය හොරාකන උන් අල්ලලා හිරේ දාන එක කොහොමද ප්‍රජාතන්ත්‍ර විරෝධී වෙන්නේ ? මේ රටේ සියලුදෙනාම සමානයි!!! දේශපාලකයා කියන මිනිහා තවදුරටත් මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලැබිය යුත්තෙක් නොවෙයි !!! දේශපාලකයා දැන් නිකම්ම නිකම් මිනිසෙක් පමණයි ඔහු කරන්නේ ජනතාව ඔහුවෙත පවරන රාජකාරිය කිරීම පමණයි; මිනීමරු ,පට්ට හොර , හොරසල්ලි ගහන, නිදන් කඩන , එදා හම්බන්තොට වලව්ව කොල්ලකාපු රාජපක්ෂ හැතිකරය...ඔය ඔක්කොටම උරුම " හිර ගෙදර " යි !!! නැත්නම් එල්ලුම් ගසයි !!!
දැන් මරු... ඕක තමයි වෙන්න ඕනෑ.
විපක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හොරුන්, මිනීමරුවන් ආරක්ෂාකරන එකට. නියමයි....
මරු බදු ටික, මොවුන් කියන්නේ මොවුන්ට නීතියට ඉහළින් ඉන්න දෙන්න කියලා. දැන් ජනතාවට හරිම සතුටුයි, පහසුයි නීතියට විරුද්ධ හොරු මිනීමරුවෝ කවුද නීතිගරුක දේශපාලකයෝ කවුද කියලා දැන්මම හඳුනා ගන්න ලැබීම...
සජිත්ට එල්ලෙන්න වැල් නැතිව හිටියේ. දැන් රට කාපු කම්බ හොරු සේරම එකතු වෙලා පොදු සන්ධාන හදන්න හදනවා. ගමකට ආවොත් මිනිසුන් ඉලපත තමයි ගන්නේ. මෙතැන ඉන්න ගොඩක් දෙනාට අවුරුදු 20 කට අධික කාලයක ඉඳන් දූෂණ චෝදනා නඩු තිබෙනවා. දැන් මේ අයව මහජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ...
ඕක ඉතින් අලුත් දෙයක්යෑ, ගියපාර ඡන්ද දෙකටම ඔහොම ඇවිත් ඇපත් නැතිවම ගියේ...
මිනිසුනේ දැන්වත් තේරුම් ගනිල්ලා... ඔවුන් හැමදාම පෙනී සිටියේ ඔවුන්ගේ දේ වෙනුවෙන් පමණි. අපේ සල්ලි කාලා ඔවුන්ගේ දෙයක් තමයි හැමදාම කරගත්තේ... රනිල් හිරේ ගියත්, නොගියත් ඔවුන් අපිට හොද දෙයක් ගෙනහැර පෑවා. දැන්වත් මොවුන්ගේ පස්සේ යන මෝඩ බූරුවන්ගේ ඇස් පෑදේවා...
මම තවත් 5000/- ට එන්නේ නෑ. දවසට 10,000/-ක් ගෙවන්න. ඔන්න කලින්ම කිව්වා.
රටම විනාශ කරන්න දායක වෙච්චි දූෂිත දේශපාලුවන්ගේ එකමුතුව ආසියාවේ ආස්චර්‍ය පෙන්වන්න යනවා....