IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


කතුන්ට සීමා දැමූ දුම්රිය තනතුරු ගැසට්ටුව සංශෝධනයට

(මනෝප්‍රිය ගුණසේකර)

දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා පිරිමි අයදුම්කරුවන්ට පමණක් ඉදිරිපත්වීමට හැකි බවට සඳහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යොමුකර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා පිරිමි අයදුම්කරුවන්ට පමණක් ඉදිරිපත්වීමට හැකි බවට සඳහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය හේතූවෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සඳහන් කරමින් කාන්තාවන් දෙදෙනකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙතසම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැඳි මහත්මිය ඒ බව දැනුම් දුන්නාය.

අදාළ ගැසට් නිවේදනයේ ‘අයදුම්කරුවන්ට පමණක් ඉදිරිපත් විය හැකිය’ යන වගන්තිය අඩංගු කිරිමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් එම වගන්තිය ඉවත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විිභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවසර දී තිබුණි.

අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණී” අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදුෂා යන මහත්මින් විසින් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පිරිසන් නම් කර ඇත.

පෙත්සම සලකා බැලු අවස්ථාවේදී පෙත්සම්කාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා කරුණු දක්වමින් මෙම තනතුරු සඳහා අයැදුම් කිරීමට කාන්තාවන්ට අවස්ථාව නොදීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් මේ සම්බන්ධයෙන් අයදුම් කිරීමට දී ඇති අවසාන දිනය ලබන සදුදා බැවින් එම දිනය වෙනස් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

 



අදහස් (0)

කතුන්ට සීමා දැමූ දුම්රිය තනතුරු ගැසට්ටුව සංශෝධනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site