මැතිසබේ ’’පුස්පාට්’’ හොයන්න එළියෙන් කට්ටියක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පැවැත්වීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තීරණය කර ඇත. 24 March 2025
රජයේ මුද්‍රණාලයේ නිවාඩු අවලංගුයි රජයේ මුද්‍රණාලයේ සියළුම සේවකයන්ගේ නිවාඩු පළාත් පාලන ඡන්ද විමසීම අවසාන වන තෙක් අවලංගු කරනු ලැබ ඇත. 24 March 2025
පාලිකාවට බොරු කියා දරු දෙදෙනා පැන යති අධිකරණයෙන් ලද රැඳවුම් නියෝග මත කළුතර ,කොහොලාන ,සිරිසඳවත්තේ පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි වයස අවුරුදු 12 ක් හා 14 ක්වූ ළමුන් දෙදෙනෙකු ඊයේ (23) පළා ගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි . 24 March 2025
හාල් ලොරිය පෙරළෙයි බදුල්ල සිට බණ්ඩාරවල දක්වා ධාවනය වෙමින් තිබූ හාල් පැටවූ ලොරියක් අද (24 ) බණ්ඩාරවෙල දික්ආරාව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් රියදුරු සහ සහයක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 24 March 2025
දළදා දැක්මේ තේමා-ලාංඡන ප්‍රකාශයට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී අප්‍රේල් 18 සිට 27 දින දක්වා පැවැත්වෙන දළදා දැක්ම සඳහා භාවිත කළ යුතු තේමා පාඨය සහ නිල ලාංඡන ශ්‍රී දළදා මාලිගාව විසින් නිවේදනය කර තිබේ. 24 March 2025
මැතිවරණ අක්‍රමිකතා ගැන පැමිණිලි හයක් 2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි හයක් මේ වන විට ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 24 March 2025
බොරැල්ල ආයුර්වේදයේ අටමහල් ගොඩනැගිල්ලේ වැඩ මේ වසරේ අවසන් බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල් පරිශ්‍රයේ අට මහල් ගොඩනැගිල්ලේ වැඩ මේ වසරේ අවසන් කොට එහි ප්‍රතිකාර සේවා අරඹන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. 24 March 2025
සැකකරු මාංචු සමඟ පැන ගිහින් අත් අඩංගුවට ගත් සැකකරුවෙකු අත් විලංගුවද සමඟ පලා ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි. 24 March 2025
මොටර් රියක් මහමඟ දමා ගිහින් වීරකැටිය ,රන්න පාරේ තිබී හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් හමුවූ බව වීරකැටිය පොලිසිය පවසයි . 24 March 2025
මැතිවරණ අක්‍රමිකතා ගැන පැමිණිලි කරන්න මෘදුකාංගයක් පළාත් පාලන මැතිවරණයේදී සිදුවන මැතිවරණ අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි කිරීම සඳහා ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වා දීමට කටයුතු කළ බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය 24 March 2025
ප්‍රාදේශීය සභා 3 ක් සදහා නාමයෝජනා භාරගැනීම අද සිට මන්නාරම,පුනාකරී හා දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභා තුන සදහා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 24 March 2025
තාප්පයකට යට වී තරුණිය මරුට තාප්පයකට යටවී තරුණියක් මියගොස් ඇති බව කලුතර උතුර පොලිසිය පවසයි. 24 March 2025
සවස් කාලයේ තැනින් තැනට තරමක තද වැසි බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත්,ගාල්ල,මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 March 2025
නූපේ සැරසිලි ආයතනයක ගින්නක් මාතර නූපේ මල් සැරසිලි ආයතනයක අද (24) අලුයම 3.00 ට පමණ ඇති වු ගින්න මේ වන විට පාලනය කර ඇති බව මාතර පොලීසිය පවසයි. 24 March 2025
පොලිසිය මත් සාදයට පොලිසිය පනී පමුණුගම උස්වැටකෙයියාව පරණ අම්බලම ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වූ පුද්ගලයන් 57 කු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 24 March 2025
මැතිසබේ ලොක්කන්ගේ වියදම් තවත් කැපේ කතානායක ඇතුළු පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සුපිරි වාහන වෙන්දේසිය ඉදිරි සතියේදී කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත. 24 March 2025
ජනපති අනුරගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප කැපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිටපු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබුණු විශ්‍රාම වැටුප ලබන මාසයේ සිට අත්හිටුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 24 March 2025
ආර්.එම්. වී වැඩ ගැන කෝපා කෝප වෙයි ව්‍යාජ ලේඛන යොදාගෙන අත් ඇක්ටර් මුවාවෙන් සුපිරි මෝටර් රථ ගෙන්වීමේ වංචනික ක්‍රියාවක් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 23 March 2025
ජාතියේ පියාට උපහාර දක්වයි ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 73 වන ගුණ සමරු උත්සවය කොළඹ 07 නිදහස් චතුරස්රයේදී පැවැත්විණි. 23 March 2025
අධිවේගයේ පොතුහැර -රඹුක්කන වැඩ ඉවර වෙන දවස කියයි මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර- රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 23 March 2025
බණ්ඩාරගම නාමයෝජනාවලට මොකද වුණේ මෙවර පළාත් පාලන මැතිවරණයට බණ්ඩාරගම බණ්ඩාරගම පළාත් පාලන ආයතනය සඳහා 36 කුගෙන් යුත් නාමයෝජනා පත්‍ර අඩංගු ගොනුවේ අවසන් පිටුව කළුතර දිස්ත්‍රික් මැතිවරණ මහලේකම් කාර්යාලයේ තේරීම් භාර නිලධාරීවරයාට භාරදීමෙන් පසුව අතුරුදහන් විම නිසා නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව සමගි ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සංවිධායක නයනක රන්වැල්ල මහතා චෝදනා කරමින් පැවසීය. 23 March 2025
බස්,ත්‍රිරෝද, වෑන් ගැටී හතක් රෝහලට බණ්ඩාරවෙල සිට වැල්ලවාය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (23) පස්වරුවේ බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෝව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක සහ වෑන් රථයක ගැටීමෙන් හත්දෙනකු තුවාල ලබා බණ්ඩාරවෙල ,බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව ඇල්ල පොලිසිය පවසයි . 23 March 2025
මුදල් ගණු දෙනුව දුර දිග ගිහින් ඇසිඩ් ගහලා බේරුවල අඹේපිටිය ඩයස් වත්ත ප්‍රදේශයේ දෙපාර්ශවත් අතර ඇතිවූ මුදල් ගනුදෙනුවක් මුල් සිද්ධියක් සම්බන්ධයෙන් ගැටුමක් දුරදිග යාමෙන් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වූ තරුණයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල පොලිසිය කියයි. 23 March 2025
පාප්තුමන් අත වනයි සති පහකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ රෝහලෙවන් පිටවී යෑමට සූදානම් වීමෙන් පසුවය. 23 March 2025
අදානි ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයන්න බැරි වීම කනගාටුවක් මන්නාරමේ අදානි සමාගමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය අපොහොසත් වීම පිළිබඳව කණගාටු වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 23 March 2025
පළමු ශුක්‍ර ධාතු බැංකුව පිහිටුවයි ශ්‍රී ලංකාවේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව කොළඹ කාසල් රෝහලේ ස්ථාපිත කිරීමට කටයුතු කළ බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරයන මහතා පවසයි. 23 March 2025
මැකෝට හැන්ද ගන්න කියයි සුළු සුළු අඩුපාඩු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස දේශපාලන පක්ෂවල ලේකම්වරුන් එහි ප්‍රධානීන්ගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇත. 23 March 2025
පුංචි ඡන්දෙට මහ පිරිසක් පස්ස ගහලා පළාත් පාලන ආයතන වලට බොහෝ දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් ලෙස තරඟ වැදීමට මෙවර බොහෝ පිරිසක් දැඩි මැලිකමක් දක්වා ඇතැයි වාර්තාවේ. 23 March 2025
ගෙවුණු මාස තුනේදී වෙඩි තැබීම් 27ක් :මරණ 22ක් මෙම වසර ආරම්භ වී අද (23) දක්වා කාලය තුළ දී වෙඩි තැබීමේ සිද්ධි 27 ක් වාර්තා වී ඇති අතර එම සිද්ධීන් නිසාවෙන් පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. 23 March 2025
ඉන්දියාවෙන් හොරට ගෙනආ බඩු සමඟ අයෙක් මාට්ටු ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරටට ගෙන්වා,කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ එන්නත්,කෘමි නාශක සහ එන්සල් තොගයක් සහිත කැබ් රියක් එහි රියදුරු ද සමඟ කල්පිටිය අතුරු මාවතක දී ඊයේ( 22 )කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 23 March 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026