IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මධ්‍යම පරිසර අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ

(නිමල කොඩිතුවක්කු)

මධ්‍යම පරිසර අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාලවරයා ලෙස ආර්. එස්. පී. කපිල මහේෂ් රාජපක්ෂ මහතා පත් කර තිබේ.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රාජපක්ෂ මහතා වෙත පරිසර අමාත්‍යංශයේ දී ඊයේ (25) ප්‍රදානය කරනු ලැබීය.

කපිල රාජපක්ෂ මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිලාභියෙකු වන අතර රුහුණු විශ්වවිද්‍යාලයේ සංවර්ධන සැලසුම්කරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යාව සහ පරිසර කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධියත් ලබා ගෙන ඇත.

දකුණු ආසියානු සහයෝගීතා පරිසර වැඩසටහන මගින් ක්‍රියාත්මක වන, ”දකුණු ආසියාව සඳහා ප්ලාස්ටික් රහිත ගංගා සහ මුහුදු කලාපීය ව්‍යාපෘතියේ පරිසර සහ සමාජ සංවර්ධන විශේෂඥයෙකු ලෙස කටයුතු කර ඇති රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද JICA අරමුදල් සහිත සංවර්ධනය වන ප්‍රදේශවල ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියේ ) ද ක්‍රියාකාරී පරිසර විශේෂයෙකු ලෙස කටයුතු කර ඇත.

එමනේ ම ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද මෙට්‍රෝ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිළධාරියෙකු ලෙස කටයුතු කර ඇති රාජපක්ෂ මහතා මෙරට ක්‍රියාත්මක කරන ADB අරමුදල් සහිත, දෙවන පෙළ නගර සහ ග්‍රාමීය ප්‍රජා පාදක ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ විශේෂයෙකු ලෙස කටයුතු කර ඇත.

 



අදහස් (2)

මධ්‍යම පරිසර අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ

lalaith Tuesday, 26 August 2025 05:07 PM

දුරට පෙනුනේ සුදා වගේ...

:       1       2

ලුම්බිණි Wednesday, 27 August 2025 06:24 AM

ගතිපු උපාධි වලින් වැඩක් නැහැ . හරියට වැඩ කරනවා නම් එච්චරයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site