බන්ධනාගාර නිලධාරී අරක්ෂාව තහවුරු කරනවා බන්ධනාගාර නිලධාරීන්ට පවතින ජීවිත තර්ජන පිළිබදව රජයේ අවධානය යොමුව තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 27 March 2025
’’අනුර ජනාධිපති වූ පසු ගම අමතක කරලා’’ නිර්ධන පන්තිය නියෝජනය කළ අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසු නිර්ධන පන්තිය අමතක කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 27 March 2025
ජුලී චන්ග් සිරිකොතට ශ්‍රී ලංකාවේ ඇමරිකා තනාපතිනී ජුලී චන්ග් (Julie Chung) මහත්මිය අද(27) පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ එජාප නිලධාරීන් හමු වූවාය. 27 March 2025
‘සෝලා’ ගෙවීම් අඩු කිරීමෙන් රට විදුලි අර්බුදයකට වැටෙනවා වහළය මත ඉදිරි කරන ‘සෝලා’ පද්ධති වෙනුවෙන් කරන ගෙවීම් මුදල අඩු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය හිතකර නොවන බවත් මෙම තීරණයත් සමඟ ලබන වසර වන විට විශාල බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද (27) පැවසීය. 27 March 2025
තායිලන්ත තානාපති සුව ඇමති හමු වෙයි මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. 27 March 2025
පුංචි ඡන්දෙ වියදම් සීමා එළියට පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් මැතිවරණ කොම්ෂන් සභාව විසින් අද ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය 27 March 2025
බදුල්ල මන්ත්‍රි චාමර සම්පත් අත්අඩංගුවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 27 March 2025
ජාතික ගමනාගමන කොමිසමේ සභාපති අස්වෙයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇතැයි එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 27 March 2025
ඩෙංගු මඩින්න ඩ්‍රෝන මෙහෙයුමක් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් හඳුනා ගැනීමේ මෙහෙයුමක් නුගේගොඩදී අද ආරම්භ විය. 27 March 2025
දෙවුන්දර වෙඩි තැබීමට 4ක් අත්අඩංගුවට දෙවුන්දර පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනකු වෙන්නප්පුව ප්‍රදේශයේ පලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 27 March 2025
වීදාගම වැවේ සොරව්වේ දොර ඔසවනය සොරාගෙන ගිහින් බණ්ඩාරගම වීදාගම වැවේ සොරොව්දොර විවෘත කිරීමට යොදාගන්නා දොර ඔසවනය කිසියම් පුද්ගලයකු සොරාගෙන යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවි ජනතාවක් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි කියති. 27 March 2025
විනිසුරු දෙපොළක් ක්‍රිෂ් නඩුවෙන් ඉවත් වෙති ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩුව විභාගයෙන් ඉවත් වන බවට කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් දෙපලක් අද (27) දැනුම් දුන්නේය. 27 March 2025
මාළු ලොරිය අස්සේ බී.ඩි කොළ ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් මෙරටට ගෙන්වු රුපියල් මිලියන නවයකට අධික වටිනා කමින් යුත් බීඩි කොළ කිලෝ 1,115 සමඟ පුද්ගලයින් දෙදෙනකු මන්නාරම මුරුණ්කන් හීදි අත්අඩංගුවටගත් බව මන්නාරම විශේෂ කාර්ය බලකාය පවසයි. 27 March 2025
ජීප් රියක් නානුඔයට පෙරැළෙයි ගිනිගත්හේනේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නුවරඑළියේ සිට කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඔයට පෙරැළිමෙන් එහි සිටි දෙදෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට අද (27) ඇතුළත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසීය. 27 March 2025
බවුසරය පෙරැළී රියදුරු-රිය සහායක මරුට කලවාන - මතුගම මාර්ගයේ අම්බලමහේන ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රී රබර් කිරි බවුසරයක් පෙරෙැළී අනතුරකට ලක්වීමෙන් එහි රියදුරු සහ රිය සහායක මිය ගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි කලවාන පොලීසිය කියයි. 27 March 2025
ප්‍රා.සභා තුනක නාමයෝජනා භාරගැනීම අදින් අවසන් මන්නාරම, පුනාකරී සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සඳහා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (27) දහවල් 12 ට අවසන් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 27 March 2025
රිය අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15ක් රෝහලට හොරණ රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ඉංගිරිය පොලිසියකියයි. 27 March 2025
ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (27) උදේ 8.30 සිට සවස 5.00 දක්වා ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 27 March 2025
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශ ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 27 March 2025
අදත් සවස් කාලයේදී තැනින් තැනට වැස්ස බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 March 2025
මේ වසරේ වාහන ආනයනයට ඩොලර් බිලියනයක් මෙම වසර සඳහා වාහන ආනයනය වෙනුවෙන් මහ බැංකුවට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණක් මුදලක් වෙන් කිරීමට සිදුවනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කර තිබෙන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. 27 March 2025
කැබිනට් ඇමැතිවරු වැටුප ඉන්ධන දීමනාව අත්හරිති කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යවරුන්ට හිමි වැටුප් සහ ඉන්ධන දීමනාව ලබා නොගැනිමට තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 27 March 2025
මුහුදුබඩ දුම්රිය මාර්ගයට ගුවන් පාලමක් කඩා වැටේ එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද රාත්‍රී කඩාවැටීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් මුළුමනින්ම අවහිර වූ බව පොලිසිය පවසයි. 26 March 2025
මන්ත්‍රීන් 175කගේ දේපළ වාර්තාව අල්ලස් කොමිසමට මන්ත්‍රීවරුන් 175 දෙනකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද(26) බාර දෙනු ලැබීය. 26 March 2025
ලීලාරත්න විදුහල් සිසුන්ගේ රටට ආදර්ශයක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් ගුරුවරුන්ට, මෙන්ම වසර 11 ක් අධ්‍යාපන ලැබූ තම විද්‍යාලයට කෘතගුණ සැලකීමක් ලෙස 26 වෙනිදා සාමාන්‍ය පෙළ විභාගය අවසන්වීමෙන් පසු විද්‍යාලීය ඉදිරිපිටට පැමිණ ගුරුවරුන්ට මල්කළඹ දී වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුව, විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවේ මල්කළඹ එල්ලා පාසල් ගීතයද ගායනා කර පාසලට වැඳ නමස්කාර කිරීමට කටයුතු කළහ. 26 March 2025
සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 26 March 2025
මෙරට දරුවන් ගැන නවතම සොයාගැනීමක් මේ රට නවයොවුන් වියේ පසුවන පාසල් දරුවන්ගෙන් සියයට 15.4 ක ප්‍රමාණයක් සිය දිවි නසා ගැනීමට කල්පනා කර ඇතැයි නවතම සමීක්ෂණයකින් හෙළිවන බව සෙඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 26 March 2025
හරක් කටා මාතර අධිකරණයට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ’’හරක් කටා” දැඩි ආරක්ෂාවක් යටතේ මාතර අධිකරණයේ විභාග වන නඩුවක් සදහා ඉදිරිපත් කිරීමට අද රැගෙන ආවේය. 26 March 2025
රිලවුන් දූපතකට යවන්න කෝටියක් වෙන් කරයි කෘෂිකාර්මික වගාවට බරපතළ ලෙස හානි සිදු කරන රිළවුන් ආරක්ෂිතව අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 100 ක මුදලත් ලබා දීමට මධ්‍යම පළාත් සභාව ඉදිරිපත්ව සිටියි. 26 March 2025
රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයි අයවැය යෝජනා 2025 අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේඛය නිකුත් කර තිබේ. 26 March 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026