’’කතරගම ගෙදර’’ නඩුව ඉක්මනට කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේ ජන රැලියක දී පැවසීය. 30 March 2025
‘හිටපු අගවිනිසුරුට තනාපතිධුරයක් දීම අනියම් ආකාරයේ අධිකරණයට වූ බලපැමක්‘ හිටපු අගවිනිසුරුවරයාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තනාපතිධුරයක් ලබාදීම අනියම් ආකාරයේ අධිකරණයට සිදුවූ බලපැමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කරයි. 30 March 2025
කල්ඉකුත් වු ඖෂධ වෛද්‍ය සැපයුම් තොරතුරු පද්ධතියෙන් මකලා ගාල්ල ප්‍රා දේශිය වෛද්‍ය සැපයුම් අංශය විසින් රුපියල් මිලියන 23.6කට ආසන්න කල්ඉකුත්වු ඖෂධ වෛද්‍ය සැපයුම් තොරතුරු කළමණාකරණ පද්ධතිය මගින් (PRONTO) විධිමත් අවසරයකින් තොරව භාණ්ඩ සමික්ෂණය සදහා ලබාදි තිබු මුරපද භාවිතා කර මකාදමා තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි. 30 March 2025
ටිරාන් අලස් CID යට කැඳවයි හිටපු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හෙට පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. 30 March 2025
ලක්ෂ 30ක දුම්වැටි කටුනායකින් පන්නන්න බැරිවෙයි රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද(30 ) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 30 March 2025
ට්‍රාන්ස්ෆෝමර් තඹ වයර් කැපූ අයෙක් මාට්ටු ලංකා විදුලි බල මණ්ඩලයට අයත් වෝල්ට් 33000 විදුලි ට්‍රාන්ස්ෆෝමරවල තඹ සහිත වයර් කපා සොරාගන්නා කල්ලියක පුද්ගලයෙකු වයර් කපමින් සිටියදී අද (30) අත් අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි . 30 March 2025
මුදල් වංචාවකට නාවික සෙබළා අත්අඩංගුවට ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගිණුමකින් රුපියල් 2,420,162 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් නාවික සෙබළෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි. 30 March 2025
මන්ත්‍රී බංගලා කුලිය ’’රිවර්ස්’’ මාදිවෙල මන්ත්‍රී බංගලාවල කුලිය තවත් වසර දෙකක් යනතුරු වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. 30 March 2025
අප්‍රේල් 8 දා සිට කැලිප්සෝ සංචාරක දුම්රිය නානුඔය දක්වා ලබන අප්‍රේල් 8 දා සිට සෑම අගහරුවාදා දිනකම කැලිප්සෝ දුම්රිය ධාවනය නානුඔය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 30 March 2025
පළාත් කීපයකට අදත් තරමක තද වැසි බස්නාහිර ,සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 March 2025
පාර්ලිමේන්තු සේවක දීමනා බරටම කපලා නව වැටුප් සංශෝධන යටතේ පාර්ලිමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලයන්හි දීමනා සියයට 70 සිට සියයට 39 දක්වා අඩු කිරීමෙන් පාර්ලිමේන්තු සේවකයන් තුළ බරපතළ නොසන්සුන්තාවක් මතුව තිබෙන බව වාර්තාවේ. 30 March 2025
ලංකාවේ හැදූ සැමන් ප්‍රථම වරට රට යවයි ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ සැමන් තොගයක් ප්‍රථම වරට විදේශීය රටකට අපනයනය කිරිම හා අපනයනය කිරීමේ බලපත්‍ර ප්රදානය අද (29) පුත්තලම - මදුරන්කුලියේ පිහිටි ඔෂන් ෆුඩ් කර්මාන්ත ශලාවේ දී පැවැත්විණි. 29 March 2025
මුස්ලිම් පාසල් වලට වැඩිපුර නිවාඩු දිනයක් රාමසාන් දිනය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අප්‍රේල් 1 වැනි අඟහරුවාදා ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 29 March 2025
මැකෝගෙන් අපේක්ෂකයන්ට පණිවිඩයක් පළාත් පාලන මැතිවරණයේ වියදම් සීමා අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම් සභාව සියලුම දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි. 29 March 2025
’වැඩියෙන් කෑ ගහන්නේ වැඩියෙන්ම බය වෙච්ච අයයි’ දැන් ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන් කෑගහන්නේ වැඩිපුරම බය වී සිටින අය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේදී පැවසීය. 29 March 2025
දේශබන්දුට රැකවරණය දුන් ව්‍යාපාරිකයාට ඇප බන්ධනාගාර ගතව සිටින අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට භාරවීමට පෙර රැකවරණය ලබාදීම සහ ප්‍රවාහන පහසුකම් ලබා දීම යන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල වැඩ බලන මහෙස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා අද (29) දින නියෝග කළේය 29 March 2025
දේශබන්දු අවුරුද්දෙන් පස්සේ ගෙදර? පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගැනීම බොහෝ දුරට අවුරුද්දෙන් පසු දිනයක සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 29 March 2025
ඇමැති බංගලා තානාපතිවරුන්ට ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. 29 March 2025
අධිකාරියේ අනුමැතියක් නෑ: ඖෂධ 38ක් හොර පාරේ ගෙනල්ලා ජාතික ඖෂධ අධිකාරියේ ඇගයීමකින් තොරව ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට 2022 වර්ෂයේදී ලියාපදිංචි සහතික නිකුත් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී කෝප් කමිටුව තොරතුරු අනාවරණය වී ඇත. 29 March 2025
චාමරත් ගෙදර කෑම ඉල්ලයි තමාටද පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත. 29 March 2025
දේශබන්දුට රැකවරණ දුන් දෙකක් මාට්ටු අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට බාර වන්නැයි නියෝගයක් තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන විශේෂ ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 29 March 2025
ජපුර විශිෂ්ටයෝ සම්මාන ලබති විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම මෙරට අධ්‍යාපනයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් බවත් වරප්ප්‍රසාද ලත් ඉතා සුළු පිරිසකට පමණක් සීමාවී තිබූ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පොදුජන ජනතාවට විවෘත වුයේ ශ්‍රී ලංකාවේ දෙවැනි විශ්වවිද්‍යාලය ලෙස වර්තමාන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බිහිවීමත් සමඟ බවත් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය. 29 March 2025
පළාත් කීපයකට පස්වරු 2.00 පසු වැසි බස්නාහාර ,සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 March 2025
පුනරුත්ථාපන තරුණයා සැක ලෙස මරුට මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි තරුණයකු මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි . 29 March 2025
අසත්‍යකරුණු අධිකරණයට ඉදිරිපත් කළැයි නීතිඥවරිය රිමාන්ඩ් අධිකරණය අපහාස වන අයුරින් හැසීරිම හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කළැයි කියන පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටි නීතිඥවරියක ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්දුරුගොඩ මහත්මිය අද දහවල් නියෝග කළාය. 28 March 2025
මෙරට තරුණ කටයුතුවලට ජනගහන අරමුදලේ සහය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතයන් අතර සාකච්ඡාවක් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ සහභාගීත්වයෙන් අද (28) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. 28 March 2025
දේශබන්දුගේ චෝදනා හොයන කමිටුව පත් කිරීම 08වැනිදා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. 28 March 2025
නාමල් තාත්තාගේ වැරදි පෙන්නයි ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 28 March 2025
චාමරට එරෙහිව තවත් චෝදනා: ’’කෝප්’’ අල්ලස් කොමිසමට යයි සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර නොදෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සහ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය. 28 March 2025
’’මියන්මාර භූ කම්පනයෙන් එරට ලාංකිකයන්ට අනතුරක් නෑ’’ මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතුරු ලැබී නැතැයි එරට තානාපති කාර්යාලය අද (28) ප්‍රකාශ කළේය. 28 March 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026