(සුජිත් හේවාජුලිගේ )
දූෂණ විරෝධී පනත සහ පොදු දේපළ පනත යටතේඅත්අඩංගුවට ගන්නා දූෂණවලින් මුදල් ඉපයූ දේශපාලඥයන් ඇතුළු රජයේ සේවකයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරෙන හෝ සිරගත කෙරෙන කාලයේදී අඩු තරමින් බන්ධනාගාර බත් පතට සහ වෛද්‍ය පහසුකම් සඳහා වැයවන මුදල වත් ඔවුන්ගෙන් අයකර ගැනීමට නීති රීති කඩිනමින් ගෙන ආ යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.
එසේ නොවුණහොත් එම පිරිස සිරගෙවල්වලදී නඩත්තු කිරීම දැරීමට සිදුවන්නේද රටේ පොදු මහජනතාවට බව හෙතෙම සඳහන් කළේය එසේම එම සිරකරුවන් රජයේ ව්‍යාපෘතිවල වැඩ කටයුතු වලට යෙදවීමෙන්ද යම් ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබෙන බව පැවසූ මහාචාර්යවරයා චීනයේ එවැනි වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කළේය.
එසේම දූෂණ සහ අක්‍රමිකතාවලින් මුදල් හරි හම්බ කරන දේශපාලඥයන් ඇතුළු රජයේ සේවකයන්ගෙන් එම වංචා කෙරුණු මුදල් නැවත අය කර ගැනීමටද නව නීති වහා ගෙන ආ යුතු බව ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. සාමාන්‍යයෙන් බන්ධනාගාරගත සිරකරුවකු වෙනුවෙන් දිනකට රුපියල් තුන්දහසක පමණ වියදමක් දැරීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ආහාර ජලය වෛද්‍ය පහසුකම් ඇතුළු වෙනත් පහසුකම් වෙනුවෙන් මෙම මුදල වැය කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෝචිත යෝජනාවක්...
කෑම වියදම් අයකර ගැනීම කෙසේවෙතත් අයථා ලෙස හෝ වංචනිකව උපයා ගත් මුදල් සහ දේපල ඊට අදාල කාල වකවානු වලට සරිලන ලෙස පොලියක්ද සමඟ අයකර ගත යුතුයි. සිර දඬුවම් ලබා දීමෙන් එසේ වංචා කළ මුදල් නැවත රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන්නේ නැත...
ඇතුලේ ඉන්න එකෙක්ගේ දේපල සහ මුදල් එකතුව රුපියල් කෝටි හාරදාහයි... හිරේ ඇතුලේ දමන අසූචි වලටත් ගෙවපල්ලා...
ඔය කියන යෝජිත හිරගෙදර ගාස්තුවත්, හොරාකාපු සල්ලිවලින්ම ගෙවලා දායි. එච්චරටම අපත සෙට් එකක් අපට හිටියේ...
වංචා කල මුදල් නැවත ලබාගැනීම අධිකරණය හරහා සිදුවිය යුතුදෙයක්. එයට නීති අවශ්‍ය නම් ඒවා සම්මත කරගැනීම පාර්ලිමේන්තුවේ කාර්‍යභාරයක්. සිරකරුවන්ට වරද අනුව වෙනස්ව සැලකීම අනවශ්‍ය ප්‍රශ්ණ වලට අතවැනීමක්. අනෙක, රිමාන්ඩ් බන්ධනාගාරයට යන්නේ වරදකරුවකු වීමට ප්‍රථම. මෙම අදහසට සමගාමීව මිනීමැරීමකට වරදකරු වන අයෙක්ට ආහාර කිසිසේත්ම නොදිය යුතුයි යන්නත් කෙනෙකුට තර්ක කළ හැකියි...