(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ආහාරපාන වල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය කෙරිණි.
කථානායකවරයාගේ ඉල්ලීම පරිදි බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආහාර පාන පිළියෙල කිරීමට අදාළ මුළුතැන්ගෙය ඇතුළු ස්ථාන පරීක්ෂා කිරීම අප්‍රේල් මාසයේදී සිදු කෙරිණි.
ඒ අනුව ඊට අදාළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගෘහ්‍ය කාරක සභාවට සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය.
මෙහිදී අදහස් දක්වමින් බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.බී ඉන්දික මහතා පැවසුවේ බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 150කට ආසන්න ප්‍රමාණයක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විමර්ශනය කළද පාර්ලිමේන්තුවේ ආහාරවල සුරක්ෂිතබව පිළිබඳ නිරීක්ෂණයට එක්වූයේ පළමු වරට බවයි.
ඒ සඳහා මැදිහත් වූ කථානායකවරයාට ස්තූතිය පළ කරන බව ද ඒ මහතා පැවසීය. ඒ අනුව පාර්ලිමේන්තුවේ ආහාර අමුද්‍රව්‍ය ලබාගැනීමේ සිට ආහාර නිෂ්පාදනය, ගබඩා කිරීම සහ පිළිගැන්වීම පිළිබඳව සිදුකළ විමර්ශනයේ වාර්තාවක් කථානායකවරයාට ලබා දුන් බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් නොතිබ්බාට කමක් නෑ. දැන් අපේ ආණ්ඩුව හින්දා අනිවාර්යයෙන්ම...
ඔව්, පාර්ලිමේන්තුවේ ඉන්න අය විතරක් හොඳ කෑම කෑවොත් ඇති...
කියූ විදිහට ගෙදරින් සෞඛ්‍යාරක්‍ශිත බත් මුලක් ගේන්න, දුර ඉදන් එන අයට වැඩිපුර එකක් දෙකක් අරන් ම එන්න... පොදු දේපල, මුදල් වියදම් නොකර...
බුහ හා, උද්ධමනය ධන අගයක් වෙලා තිබෙනවා, ටිකෙන් ටික රට යන්නේ රුවිතෙට කියලා පෙන්නුම් කරමින් තිබෙනවා, ඒ අතරේ හැන්ද තියෙන අය ලොකු පංගුවක් බෙදාගන්නවා. ජෙපි ඩෝබිලා ටිකත් ඒ කුණු සෝදනවා ලැජ්ජාවක් නැතිව. මේවා තමයි පුනරුද නාටක...