
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
තලවතුගොඩ හා මහරගම ප්‍රදේශවලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ හදිසි ආහාර වැටලීම් දෙකකදී පාරිසරික නීති උල්ලංඝනය කරමින් ආපන ශාලාවකින් බැහැරලන අප ජලය දියවන්නා ඔයට හරවා තිබූ හෝටලයක් ඇතුළු ස්ථාන දහයකට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
මහරගම සහ තලවතුගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශ දෙකෙහි පිහිටි කිඹුලාවල විදී ආහාර කඩ ඇතුළු ආපනශාලා හෝටල් දහ හතක මෙම හදිසි රාත්‍රී ආහාර වැටලීම සිදු කර තිබුණි.
එහිදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොරව ආහාර නිෂ්පාදනය , ගබඩා කිරීම හා අළෙවි කළ ස්ථාන හමු වූ අතර ඇතැම් ස්ථාන වල පිසූ කඩල මස් මාලු හා එළවළු වර්ග සමග නොපිසූ මස් මාලු අයිස් ක්‍රීම් වැනි දෑ එකට ශීතකරනවල ගබඩා කර තිබීම, ඒ සදහා පිළිකාකාරක ප්ලාස්ටික් බදුන් භාවිතා කර තිබීම හා සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් මුළුතැන්ගෙවල් පවත්වාගෙන යාම වැනි වැරදි අනාවණය වී තිබූ බව පැවසේ.
මේ අතර තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක් පරීක්ෂා කිරීමේදී ඉන් බැහැලන අප ජලය භූ ගත නළ මාර්ග ගලි වලකට හරවන මුවාවෙන් දියවන්නා ඔයට හරවා තිබෙනු දක්නට ලැබුණු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ප්‍රදේශයට කිසියම් වැඩ කටයුත්තකට යන සාමාන්‍ය පුද්ගලයෙකුට ආහාර ගැනීමට පිරිසිදු තැනක් සොයා ගැනීම සහ පිරිසිදු පෝෂණීය ආහාර වේලක් සපයා ගැනීම ඉතාමත් අසීරුය. ආහාර සුරක්ෂිත තාවය අතින් ඉතාමත් පහල තැනක තමයි අපගේ ප්‍රධාන නගරාශ්‍රිත ආපන ශාලා තියෙන්නේ. ඒ වගේම පිටකොටුවේ පදික වෙලෙන්දන් කරන සටකපට වැඩ. ඔවුන් නීතියේ රැහැනට හසුකර දැඩි දඬුවම් ලබා දිය යුතුමයි.
ඉතින් පැලවත්තේ ඇති හෝටල්වල සේරම වතුර හරවලා තියෙන්නේ පාරේ කාණුවට... ඒවා යන්නෙත් දියවන්නාවට තමයි.