වෛද්‍ය කණ්ඩායමක් අද හෙටම මියන්මාරයට භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට කටයුතු සූදානම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය. 01 April 2025
අධිවේගයේ අනතුරු දෙකකින් 6ක් රෝහලේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 25.5 දොඩංගොඩ සහ ඒ ආසන්නයේ සිදුවූ තවත් අනතුරකින් සිව් දෙනකුගෙන් යුත් එංගලන්ත ජාතික පවුලක් ඇතුළු හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි. 01 April 2025
ඉදිරි දින කිහිපයේදී වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සිට ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 April 2025
කිරි තේ මිල රුපියල් 10 කින් ඉහළට ආනයනික කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව පැවසීය. 01 April 2025
අඩු කළ මිලට තෙල් නෑ පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් දහයකින් අඩු වුවත් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද 1 පෙරවරුව වන විටත් අඩු කළ මිලට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන නොතිබිණි. 01 April 2025
අද සිට බිත්තර සදහා සියයට 18ක වැට් බද්දක් බිත්තර සදහා අද (01) සිට සියයට 18ක වැට් බද්දක් අයකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. 01 April 2025
‘‘කුඩු සමඟ ඇල්ලූ අපේක්ෂිකාව පො.එ.පෙ නොවේ‘‘ ’පො.එ.පෙ අපේක්ෂිකාව කුඩු සමග මාට්ටු’ යන මැයෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ පුවත සම්බන්ධයෙන් පානදුර පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයේ සංවිධායක කණ්ඩායම් නායක ශ්‍රී මුණසිංහ පවසනුයේ එවැනි අපේක්ෂිකාවක් ඔවුන්ගේ පක්ෂයේ නොමැති බවය. 01 April 2025
ගිනි ගත් අනුන්ගේ ගෙදරකට රාජපක්ෂ කෙනෙක් වන්දි අරගෙන අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තලදී අද (31)පැවසීය. 31 March 2025
අත්තක් කපන්න අවසර දුන්නාම වත්තෙම ගස් කපලා ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් කැපිම සම්බන්ධව ආණමඩුව ප්‍රාදේශීය ලේකම්වරිය ආණමඩුව පොලිසියට කළ පැමිනිල්ලක් කර ඇතැයි පොලිසිය කියයි. 31 March 2025
පෙට්‍රල් මිල පහළට ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය. 31 March 2025
ලාෆ් ගෑස් මිල ඉහළට ‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය. 31 March 2025
අගමැතිනිය ප්‍රංශයට යයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ’යුනෙස්කෝ’හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා අද (31) පිටත්ව ගියාය. 31 March 2025
පුනරුත්ථාපන රෝගියාගේ මරණයට සැක 16ක් රිමාන්ඩ් මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිමිකාර කපුවා ඇතුළු සැකකරුවන් 16 දෙනා අප්‍රේල් මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ලලනී බුලත්සිංහල මහත්මිය අද (31) දින නියෝග කළේය. 31 March 2025
දේශබන්දුට විරුද්ධව යෝජනාවක් ගේන්නේ කොහොමද? දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් නැතිකර අැති හෙයින් ඔහු නොදරන පොලිස්පති ධූරයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මන්ත්‍රීවරුන්ට බලයක් නොමැති බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 31 March 2025
කෝටි 25ක යාත්‍රා අනතුර ගැන මහවත්තගෙන් පැය 4ක ප්‍රකාශයක් ත්‍රිකුණාමලය වරායේ ස්ථානගත කර ඇති නවීණ නියමු යාත්‍රාවක් නීති විරෝධීව පරිහරණය කිරීමේදී අනතුරකට ලක්ව රුපියල් කෝටි 25 කට අධික අලාභයක් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව පැය හතරකට ආසන්න කාලයක් සාක්ෂි සහිත ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් බව එහි පැමිණළිකරු වන සමාජ ක්‍රියාකාරී සංජය මහවත්ත මහතා අද (31) පැවසීය. 31 March 2025
හිටපු අමාත්‍ය ටිරාන් පැය හයකට පසු සී.අයි.ඩීයෙන් පිටව යයි මාතර වැලිගම හෝටලයක් අසල 2023 වර්ෂයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැය 06කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන්නේය. 31 March 2025
මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් මානුෂික - මුදාගැනීමේ ආධාර භූමිකම්පාවෙන් පීඩාවට පත් මියන්මාර ජනතාවට මානුෂික ආධාර සහ මුදාගැනීමේ කණ්ඩායම් වාහාම යැවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. 31 March 2025
මහා පරිමාණ ඉදිකිරීම්වල වර්ධනයක අපේක්ෂාවක් ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. 31 March 2025
පො.එ.පේ අපෙක්ෂිකාව කුඩු සමග මාට්ටු පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයෙන් මෙවර පානදුර නගර සභා අපේක්ෂිකාවක ලෙස තරග වදින කාන්තාවකට අයත් අයිස් මත්ද්‍රව්‍ය සමග අනුරාධපුර, ශාවස්තිපුර ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටියදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 31 March 2025
මියන්මාරයට වෛද්‍ය බල ඇණියක් යවන්න හමුදාවේ වෛද්‍ය බළකායේ වෛද්‍යවරුන් අතුළු කණ්ඩායමක් මියන්මාරයේ සහන කටයුතු සඳහා වහාම යවන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 31 March 2025
පාඨමාලා 16කින් කෝටි 2ක් නීතියට පිටින් අරන් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය 2023 වර්ෂයේදී පාඨමාලා 16කින් දෙකෝටියකට ආසන්න පාඨමාලා ගාස්තු මුදලක් නීති විරෝධීව අය කරගෙන තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 31 March 2025
ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැති කරනවා වර්තමාන ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැතිකර ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (31) පැවසීය. 31 March 2025
කුලී රථ රියදුරා ගුවන් මගියාගේ ලක්ෂ 9කට විදලා ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙකුගේ අත් බෑගයෙහි තිබූ රුපියල් නව ලක්ෂ හාර දහස් හාරසීයයක මුදල් තොගයක් සොරා ගත් , ගුවන් තොටුපොළ කුලී රථ රියැදුරුවරයෙකු අද (31) කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ . 31 March 2025
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගෙන් රතු එළියක් පරිපූරක වෛද්‍ය උපාධිධාරින් බඳවා ගැනීමට වහාම පිළියමක් යොදන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ගේ අරගලයට පහරදී ගැටලුව යටපත් කරන්නට උත්සාහ කලහොත්, වර්ජන ක්‍රියා මාර්ගයක් ආරම්භ කරන බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. 31 March 2025
තරු හෝටලයේ ඉහළ මාලයෙන් වැටුණු තරුණයාගේ ලිපිය ’’සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සි හැමදාමත් මම හිතින් විඳවනවා, දුක දරාගන්න අමාරුයි, ගොඩක් දුර්වලයි මගේ හිත,අනේ මට සමාවෙන්න 31 March 2025
පුත්තලමෙන් රිමාන්ඩ් කළ නීතිඥවරිය අභියාචනාධිකරණයෙන් මුදා හරියි විනිසුරුවරියට ගෞරවාන්විතව ආමන්ත්‍රණය නොකිරීම සහ අධිකරණයට ඇතුළු වීමේදී හිස නමා ආචාර නොකළ බවට චෝදනා ලැබ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙන් පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවනදුරුගොඩ මහත්මිය විසින් රිමාන්ඞ් භාරයට පත් කල නීතිඥවරිය වහාම මුදාහැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය. 31 March 2025
’’ශක්තිමත් සෞඛ්‍ය’’ ජාතියේ පදනමයි ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක් සමෘද්ධිමත් ජාතියක පදනම බව වත්මන් රජය පිළිගන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 31 March 2025
ගොඩක් අයට වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් දාගන්න වෙයි හිටපු බොහෝ දේශපාලකයන්ට ඉදිරියේදී වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් හදාගන්න පුළුවන් වේවි යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාතර වැලිපිටියේදී පැවසීය. 31 March 2025
‘රොටුඹ අමිල’ රුසියාවේදී අත්අඩංගුවට පාතාල කල්ලි නායකයෙක් වන අමිල සම්පත් හෙවත් ‘රොටුඹ අමිල’ නැමැත්තා රුසියාවේදී අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 31 March 2025
විවාදයට කලින් දේශබන්දු ගෙදර යයි ? පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව විවාදයට ගැනීමට පෙර ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. 31 March 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026