
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ කොහොලන්වල ප්‍රදේශයේ අක්කර 20ක පමණ විශාල පොල්වත්තකට අනවසරයෙන් ඇතුල් වි පොල් සොරකම් කරමින් සිටි දෙනෙකුට වත්තෙහි මුරකරු අද (02) කළ වෙඩි තැබිමේදි එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව මහවෙල පොලිසිය කියයි.
තුවාල ලැබු පුද්ගලයා මේ වන විට මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.
තුවාලකරු සහ තවක් අයෙකු විසින් මෙම පොල් සොරකමේ ගොස් ඇති අතර වත්තේ මුරකරු විසින් සිදු කළ වෙඩි තැබිමේදි එක් පුද්ගලයෙකු මෙසේ තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
වෙඩි වැදුණූ පුද්ගලයා කොහොාලන්වල මාර්ගය අසළ වැටි සිටියද ප්‍රදේශවාසින් විසින් අදාළ පුද්ගලයා රෝහල් ගත කර ඇති බවද පොලිසිය කියයි.
මෙම වෙඩි වැදුණූ පුද්ගලයා මිට පෙරද පොල්වත්තට ඇතුළු වි පොල් සොකරම් කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබි තිබෙන බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොල් සොරකමේ ගිය අයෙක්ට වෙඩි
kapila Tuesday, 02 September 2025 02:14 PM
වඳුරන්ට පසු රටේ ලොකුම වගා හානිය සිදු කරන්නේ මේ පල් හොරුන් විසිනුයි.
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 02 September 2025 02:36 PM
මේ මුරකරුට රටේ ආරක්ෂාවයි, අධිකරණයයි භාර දුන්නානම්, හිටපු මැති-ඇමතිලාටයි, අගමැති-ජනාධිපතිලා ඔක්කොටමයි, ඒ අපතයින්ගේ රෙදි හෝදන අපිටයි, හිටු කියලා වෙඩි තියයි.
පැරකුම් Tuesday, 02 September 2025 03:09 PM
දන්නෙ නැති නිසයි අහන්නෙ. මේ විදියට වෙඩි තියන්න නීතියෙන් අවසර තියනවද? දන්න කෙනෙක් කියන්න.
Daranagama Tuesday, 02 September 2025 03:19 PM
අනෙක් හොරුන්ටත් හොඳ පාඩමක්