
(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේගය නීතිය අතට ගනිමින් අනෙකුත් දේශපාලන පක්ෂවලට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ තර්ජන එල්ල කිරීම දැඩිව හෙලා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය .
කලක් ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට ජාතික ජන බලවේගයේ හිරිහැරවලට මුහුණ දෙන අතර, ඒ අනුව ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් ඊයේ උදෑසන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදී එය අත්පත් කර ගෙන ඇතැයි නාමල් රාජපක්ෂ පැවසීය.
ජාතික ජන බලවේගය පොරොන්දු වූ නව ක්‍රමවේදය මෙය නම් එමඟින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සැබවින්ම අවදානමට ලක්ව ඇති බව කී මන්ත්‍රීවරයා පැරණි ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් නිර්මාණය වීමේ බිය සමාජයේ ඇති වී නීතිය හා සාමය දැඩි අවදානමට ලක්වන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජයනම් බිය වෙලා නැහැ. හොරු ටිකනම් බිය වෙලා.
ඔයා වංචා, දූෂණ, මිනී මැරීම් හෝ ඊට අනුබල දීම් කරලා නැත්නම් කලබල නොවී ඉන්න. ඔය දඬුවම් දෙන්නේ ඒ වගේ වැරදි කරපු අයට, නිවැරදි අයට දඬුවම් දෙනවා නම් මුලින්ම පෙරට එන්නේ දූෂණ, වංචා විරෝධී අපි. අනික මේ දඬුවම් දෙන්නේ උසාවි විනිසුරන් මිසක් ජනපති, අගමැති හෝ ඇමතිවරුන් නොවෙයි. වත්මන් පාලනය කරන්නේ ඒවාට අවශ්‍ය පහසුකම් සැපයීම සහ දේශපාලන බලපෑම් නොකර සිටීම පමණයි
නීතිය ක්‍රියාත්මක කරන්නේ ජාතික ධනය හොරා කෑවා හොරු අල්ලන්න.හොරු අල්ලන එක ප්‍රචණ්ඩත්වයද? මෙයා මුකුත් නොදන්න බබා....හෙට අනිද්දාට ලෑස්ති වෙලා ඉන්න හිර ගෙවල් වල කුරු ගනම් කරන්න.රාජපක්ෂ පවුලම මුළු රටම හොරා කෑවා.අන්තිමට මුළු රටම බංකොලොත් කරලම දැම්මා.මේ කම්බ හොරුන්ට රජ කාලේ දඬුවම් දෙන්න ඕන.
කෙහෙල්බද්දර පද්මේ ඇල්ලුවට පස්සේ මෙයාගේ සිහිය තවත් විකල් වෙලා වගෙයි, මිනිහා දැන් හිතාගෙන ඉන්නවා ඇත්තේ එයා පෙරටුගාමී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කියලා වෙන්න ඇති. වැලිකඩට ගියාම ඕවා හරි යයි මගේ හිතේ !
තමුන්ලාව බුරුතු පිටින් පාර්ලිමේන්තුවෙන් එළවා දැම්මේ රටේ ජනතාවගෙන් විශාල බහුතරයක් තමුන්ලාව හෙළා දැකපු නිසා. ලබන ඡන්දෙ වෙනකොට වත් විනයක් වෙලා, සංවර වෙලා හැදිලා හිටපල්ලා...
අම්මට සිරි බයවෙලා තියන තරම, මෙයා දැන් පෙරටුගාමී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වෙලා ඔවුන් වෙනුවෙනුත් කතා කරනවා. යට ගහපු නඩුවල විමර්ශන දැන් අවසන් වේගෙන එනවා ඇති...
අලුත් පාලනයක් ඇතිවන කොට ගමේ රටේ අලුත් චණ්ඩි බිහිවීම ස්වභාවිකයි. ඔබතුමන්ලාගේ කාලය තුළත් ඒක සිද්ධ වුණා. තවත් විදිහකට කියනවා නම්, හිටපු කට්ටිය ඇතුලට යනකොට ඒ පුරප්පාඩුව පිරවීමට තවත් පිරිසක් මතුවෙනවා.
දැඩිව හෙළා දකිනවලු. ඉතිං දැක්කා නම් කටවහගෙන ඉන්නකෝ, බෙරිහන් දෙන්නේ නැතිව...
තමුන් හරියට කතා කරන්නේ මැරිලා ඉපදුනා වගේ? දූෂිතම පව්ල් පාලනේ අපේ රටට කරපු විනාසේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු හැටි යුක්තිය නීතිය සාධාරණය විනාශ කරලා කැළෑ නීතිය රජ කෙරුවේ. ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු හැටි ගැන ලෝකෙම දන්නවා.
රටට ඉස්සරහට යන්ඩ දෙන්නැති විදිහ තමයි...
නමගිය අපරාද කාරයෝ ඇල්ලුවා විතරයි, හොර පෙරකදෝරුවා පරළ වෙලා? පහුගිය දවසක මහනායක හිමිවරු බැහැ දකින්න ගියේත් නිකම් නොවෙයි.
ඔයා දැන් හොදටෝම බයවෙලා ඉන්නේ , වටේ ඉන්න හාල්පාරුවෝ කොච්චර ඔයාගේ හිත හදන්න හැදුවත් ,කරපු හොරකම් ,මිනීමැරුම් මතක් වෙනකොට හෝස් ගෑවෙනවා නේද බේබිට.