
(සුජිත් හේවාජුලිගේ)
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධාවන තත්වයේ නොපැවති වාහන පහළොවක් සඳහාත් රක්ෂණ වාරික ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ.
මෙම මුදල් ගෙවීම කර ඇතැයි පැවසෙන්නේ 2022 / 2023 සහ 2023/ 2024 වර්ෂ වෙනුවෙනි.
මේ ආකාරයට ඵලදායි නොවන වියදම් දැරීම ,ඒවාට බලය දීම, අනුමත කිරීම සහ සහතික කිරීම නොකරන්නැයි ජාතික විගණන කාර්යාලය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.
මේ අනුව ධාවන තත්වයේ පවතින වාහන පමණක් 2025 වසරේ සිට රක්ෂණය කිරීමට කටයුතු කරන බව දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා විගණන නිලධාරීන්ට දැනුම් දී ඇත.
මේ අතර දෙපාර්තමේන්තුවේ තවත් වාහන කිහිපයක් පෞද්ගලික ගරාජවලට යොමු කිරීම හේතුවෙන් දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් දැරීමට සිදුව ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
එම වාහන කඩිනමින් අලුත් වැඩියා කර ගැනීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසද විගණන අංශ නිර්දේශ කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය
මෙම වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉකුත්දා ඉදිරිපත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාවිච්චියට නොගන්නා වාහන සදහා වාර්ෂික ආදායම් බලපත්‍ර ලබාගෙන තියෙනවානම් ඒකත් වරදක් වෙනවා .එහෙම වාහන වෙනුවෙන් පාවිච්චි නොකරන බවට සහතිකයක් ගන්න ඕන