
(අංජුල මහික වීරරත්න)
ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JAICA) මගින් ත්‍රිකුණාමලය රෝහලට අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයක් (Incinerator) පරිත්‍යාග කර තිබේ.
ආසාධිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කරන ලද මෙම යන්ත්‍රය අනිද්දා (5) ජනතා අයිතියට පත් කෙරෙයි.
ජපාන පුරවැසියන්ගේ සහ ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙස ජපන් යෙන් මිලියන 503 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ තවත් රජයේ රෝහල් 14ක ආසාධිත අපද්‍රව්‍ය කළමණාකරණ ඒකක පිහිටුවීමටද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනූව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට අමතරව රත්නපුර, කුරුණෑගල යන ශික්ෂණ රෝහල් දෙකටත්, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, හම්බන්තොට,මන්නාරම සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් පහටත්, රිකිල්ලගස්කඩ, මහියංගනය, පුත්තලම,මීරිගම, මැදිරිගිරිය,වැලිකන්ද යන මූලික රෝහල් හයටත්, නාකුලුගමුව දිසා රෝහලෙත් මෙම අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍ර ස්ථාපි කර ඇත.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයෙන් පැයකට අසාධිත අපද්‍රව්‍ය කිලෝග්රෑම් 162 ක් දහනය කිරීමේ හැකියාව ඇතැයි බෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. මෙවැනි යන්ත්‍ර 5ක් සහ පැයකට අසාධිත අපද්‍රව්‍ය කිලෝග්රෑම් 58 ක් දහනය කළ හැකි යන්ත්‍ර 10 ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් ය. රෝහලේ අවශ්‍යතාවය අනූව මෙම යන්ත්‍ර ස්ථාපනය කර ඇත.

2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රි’මලේ රෝහලට ජපානෙන් ලොකු තෑග්ගක්