
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරතිබූ බිළිදු මළ සිරුරක් අස්ථානගතව ඇතැයි මරදාන පොලිසිය කියයි.
ඉකුත් අගෝස්තු මස 01 දෙමටගොඩ පොලිස් වසමේ මාලිගාවත්ත දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක වැසිකළියක් තුළ තිබි මෙම බිලිදු මළ සිරුර හමුවී තිබිණි.
ඒ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය මගින් විමර්ශන සිදුකර මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ බිලිදු මළ සිරුර තැන්පත් කර තිබිණි.
එම දේහය සම්බන්ධයෙන් ඉකුත් මස 29 හා 31 වෙනි දිනයන් හි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට පැමිණ ළමා මෘත දේහය සම්බන්ධයෙන් විමසා ඇතිමුත් එම දේහය සොයාගැනීමට නොහැකි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩී එන් ඒ පරීක්ෂාවකින් මව්පියන්ගේ තොරතුරු ලබා ගනීවි කියලා මළ සිරුර ගෙනියන්න ඇති. නමුත් රෝහල් මෘත ශරීරාගාරයකින් මළ සිරුරක් පන්නනවා කියන්නේ ඔවුන් සාමාන්‍ය පුරවැසියන් නොවනවා වෙන්නත් ඇති. අනික අගෝ. 1 සොයා ගත් මළ සිරුරේ මරණ පරීක්ෂණය කරන්න හදන්නේ අගෝ. 29. එච්චරටම කාර්යක්ෂමයි අපේ රාජ්‍ය සේවය.