
(අංජුල මහික වීරරත්න)
විශ්‍රාම වැටුප් විෂමතාවයක් ඉවත් කර දෙන්නැයි ඉල්ලමින් 2020-2024 අවුරුදු හතර ඇතුළත විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (2) පෙරවරුවේ උද්ඝෝෂණයක් කළහ.
2020-2024 කාලයේ විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප සෙසු අයට සාපේක්ෂව අඩු බව ඔවුහු කීහ.
" අපට කුඩම්මාගේ සැලකිලි එපා" " අපි කුණු කූඩෙට විසි කරලා" ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.
කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය පැවති සමයේ පැවති රජයන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වීමක් සිදු නොකළ බවත් ඒ තත්ත්වය නිසා තමාට මහත් අසාධාරණයක් සිදු වූ බවත් උද්ඝෝෂකයෝ කීහ.
2025 වසරේදී සිදුකළ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට සාපේක්ෂව තමාටත් සාධාරණ විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙස විශ්‍රාමික රාජ්‍ය සේවකයෝ එහිදී ඉල්ලා සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් 2020-24 විශ්‍රාමික සංවිධානයේ සභාපති එම්. විමලසූරිය මහතා පැවසූයේ අයවැයෙන් ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප විශාල ප්‍රමාණයකින් වැඩි කිරීමට හේතු වූ කාරණා සලකා තමාටත් ඒ අයුරින් විශ්‍රාම වැටුප වැඩි කරන ලෙසයි.
2020-24 සමයේ කිසිදු රාජ්‍ය සේවක වැටුපක් වැඩි නොවූ හෙයින් රාජ්‍ය සේවකයන් අඩු වැටුප් ලබන බව රජය විසින් පිළිගෙන වැටුප් වැඩි වීම ලබා දුන් බව කී විමලසූරිය මහතා තම කණ්ඩායමටත් ඒ සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටින බව කීය.
තම කණ්ඩායමෙන් පසුව විශ්‍රාම ගත් අයගේ වැටුප 70-80% පමණ වැඩි බවද විමසූරිය මහතා සඳහන් කළේය. සෙසු විශ්‍රාමිකයන්ගේ වැටුප සමග සමානත්වය ඉල්ලා මෙම උද්ඝෝෂණය කරන බව කී විමසූරිය මහතා ජය ලබා ගන්නා තුරුම සටන අත් නොහැර කරන බව සඳහන් කළේය.
අනතුරුව විශ්‍රාමික නියෝජිතයන්ගේ හය දෙනකුට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි විය.ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසූයේ විශ්‍රාමිකයන්ගේ ගැටලු අඩංගු ලියවිල්ල අදාල අංශ වලට යොමු කර විසැදුමක් ලබා දීමට කටයුතු කරන බවයි.
මෙම විරෝධතාවය නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර මාර්ගයේ එක් තීරුවක්ද අවහිර වී තිබිණි.
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විශ්‍රම වැටුප් විෂමතාවයකට රාජ්‍ය සේවක පිරිසක් උද්ඝෝෂණයේ