ඉන්ධන ලොරිය වෙළට පෙරළේ කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි තිබූ ඉන්ධන විශාල ප්‍රමාණයක් වෙල්යායට මුසු වී ඇතැයි මනම්පිටිය පොලිසිය කියයි. 01 April 2025
අඩුවට කෑම දෙන ආණ්ඩුවේ හෝටලේ ඇරැඹෙයි ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැලැස්ස” ආපන ශාලාවේදී අද අරැඹිණි. 01 April 2025
ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. 01 April 2025
තරුණ අමාත්‍යාංශයෙන් ඇඹිලිපිටියට තෑග්ගක් ජාතික තරුණ සේවා සභාව හරහා ස්ථාපිත කෙරෙන බහුවිධ මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ එක් මධ්‍යස්ථානයක් ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමට යෝජනා වී ඇතැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර මහතා පැවසීය. 01 April 2025
මැතිවරණ පෙත්සම් 3 දක්වා කල් යයි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ‘‘ජන අරගල සංවිධානය’ ‘ස්වාධීන කණ්ඩායම්’ 40ක් ගොනුකොට ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම 03 වැනි දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. 01 April 2025
කෝටි 25ක මැණික් මල්ලක් හොර පාරේ ගිහින් රාජසන්තක කරන ලද කෝටි 25ක මැණික් මල්ලක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමතියකින් තොරව අවම දඩ මුදලක් යටතේ නීති විරොධීව මුදා හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 01 April 2025
නුවරඑළිය මහා මංගල්‍ය ඇරැඹෙයි නුවරඑළිය අප්‍රේල් වසන්ත සැණකෙළි මාලාවේ ආරම්භය සනිටුහන් කිරිම නුවරඑළිය නගර මධ්‍යයයේ දී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්. අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවත්ශ්‍රියෙන් අද (1) සිදු කෙරිණි. 01 April 2025
පාර්ලිමේන්තුවේ මුලසුනට එන අයට එංගලන්තෙන් පාඩමක් ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) විසින් සංවිධානය කරන ලද කථානායකවරයා ඇතුළු මුලසුන දැරීම සඳහා නම් කරන ලද මන්ත්‍රීවරයන්ට (සභාපති නාමාවලියේ සඳහන් මන්ත්‍රීවරයන්ට) අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩමුළුවක් පැවැත්විණි. 01 April 2025
ප්‍රවාහන ක්ෂේත්රයේ ගැටලු විසඳන්න අනුකාරක සභා 03ක් ප්‍රවාහන ක්ෂේත්රයේ ගැටලු විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට වග කියනු ලබන අනුකාරක සභා තුනක් ස්ථාපිත කර තිබේ. 01 April 2025
අයි.එම්.එෆ්. කොන්දේසි නිසා ඉන්ධන මිල අඩුකරන්න බෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) කොන්දේසි ක්‍රියාත්මක වෙමින්තිබීම නිසා ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි යැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය. 01 April 2025
පිළිකා නිසා වසරකට 19000ක් මිය යති ජාතික හා අන්තර්ජාතික සහයෝගය ද ලබා ගනිමින් පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීමට රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 01 April 2025
පොල්-කිතුල්-තල් මදින අයට රක්ෂණයක් කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත පිරිස් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. 01 April 2025
කිලිනොච්චියේ විරෝධයක් කිලිනොච්චිය මුලන්කාවිල් ප්‍රථමික පාසලක ඉගෙනුම ලබන සිසුන්ගේ මවුපියෝ පිරිසක් අද විරෝධතාවයක නිරත වූහ. 01 April 2025
චාමරට ගෙදර කෑම දෙනවාද? තීරණය මේ සතියේ හිටපු රාජ්‍ය අමාත්‍ය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට නිවෙසින් කෑම ගෙන ඒමට අවසර දෙනවා දැයි මේ සතියේදී තීරණය කිරීමට නියමිතය. 01 April 2025
පොලිසියේ ගිනි අවිය උදුරන්න ගිහින් වෙඩි වදියි පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ ප්‍රභාගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගනිද්දී එහි එක් සැකකරුවකු කලහාකාරි ලෙස හැසිරී පොලිස් නිලධාරීයකු අත තිබූ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කරද්දී සැකකරුගේ පාදයට වෙඩි වැදී ඇතැයි පොලිසිය කියයි. 01 April 2025
උත්සව සමයට අතිරේක බස් 500ක් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සඳහා විශේෂ බස් රථ සේවාවට අතිරේක බස් රථ 500 ක් ඇතුළත් කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසීය. 01 April 2025
දෙමටගොඩ චමින්ද ඝාතන නඩුවකින් නිදොස් කර නිදහස් කරයි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි මරණීය දණ්ඩනය ලැබ මේ වන විට බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකරුවන් තිදෙකු සියළු චෝදනවලින් නිදොස් කොට නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එක් විත්තිකරුවකුට පමණක් මරණීය දණ්ඩනය නියම කළේය. 01 April 2025
කවුරු දාලා ගියත් වැඩි මිලට විදුලිය ගන්නේ නෑ කවුරු තරහ වුනත් කවුරු දාලා ගියත් විදුලි ඒකකයක් රුපියල් 25ට මිලදී ගන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තල ජන රැළියේදී පැවසීය. 01 April 2025
සජිත් මියන්මාර - තායිලන්ත තානාපති කාර්යාලවලටයයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ශ්‍රී ලංකාවේ මියන්මාර සහ තායිලන්ත තානාපති කාර්යාලවලට අද ගොස් භූමිකම්පාවෙන් මිය ගිය සහ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ශෝකය පළ කර ඇත. 01 April 2025
කදාන සෙබස්තියන් මුනි විදී ප්‍රතිමාව සොරා ගනී කදාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ තැන්පත් කර තිබු වසර 175 වඩා පැරණි ශුද්ධ වූ සෙබස්තියෙන් මුනිදුන්ගේ පෙරහර ප්‍රතිමාව අද ( 01) අලුයම කාලයේ කිසිවෙකු හෝ කිසියම් පිරිසක් විසින් සොරකම් කර ගෙන ගොස් ඇති බව කදාන පොලිසිය පවසයි. 01 April 2025
ආර්.එම්.වී. එකට ’ටින් අංකය’ අනිවාර්යයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සපයන සේවාවලදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කරන ’ ටින් අංකය’ ඉදිරිපත් කිරීම මේ මස 15 වැනිදා සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පැවසීය. 01 April 2025
චාමර සම්පත් යළි රිමාන්ඩ් ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 08 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(01) නියෝග කළාය. 01 April 2025
තරුණියන් දෙදෙනා මුහුදට බිලි මුලතිව් නයාරු මුහුදු කලාපයේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනකු ඊයේ (31) දියේ ගිලි මියගොස් ඇතැයි මුලතිව් කෝකිලායි පොලීසය සදහන් කරයි. 01 April 2025
හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිලත් පහළට හයිලන්ඩ් යෝගට් එකක මිල රුපියල් රුපියල් 10 කින් අද (01) සිට අඩු කිරීමට මිල්කෝ කිරිපිටි සමාගම තීරණය කර තිබේ. 01 April 2025
’’ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න බෑ’’ පෙට්‍රල් මිල අඩුවුවද ත්‍රිරෝද ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මහතා පැවසීය. 01 April 2025
වන අලි නිසා පීඩාවට පත් ජනතාවට ජනපති අරමුදලෙන් සරණක් වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල් වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කර ඇත. 01 April 2025
අලුත් සහල් මංගල්‍යයට දින නියම කරයි ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (4) පෙරවරු 7.30ට පැවැත්වෙයි. 01 April 2025
අස්වැසුම බඩු මල්ල අද සිට අස්වැසුම පොරොත්තු ලේඛනයේ පවුල් වෙනුවෙන් සහන මිලකට ආහාර පැකේජයක් ලබාදීමේ වැඩපිළිවෙළ අද(1) සිට ඇරඹේ 01 April 2025
චාමරගේ නඩුව 12ට කැඳවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥය කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පැවසීය. 01 April 2025
IOC පෙට්‍රල් මිලත් පහළට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) පෙට්‍රල් මිල ‘සිපෙට්කෝ’ මිලට සමාන කළ බව එම සමාගම පවසයි. 01 April 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026