IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නාගොඩ රෝහලට අලුත් මහාචාර්ය ඒකක දෙකක්

(අංජුල මහික වීරරත්න)

මොරටුව  විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණූව ලබාදීම සඳහා අවශ්‍ය වන කායික රෝග සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකක කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ හෙට (4) ආරම්‍භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය  පවසයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්‍රදේශය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ  මේ වන විට ප්‍රසව හා නාරි රෝග මහාචාර්ය ඒකකය, ළමා රෝග  මහාචාර්ය ඒකකය, මානසික රෝග මහාචාර්ය ඒකකය ස්ථාපනය කර ඇත.

හෙට ආරම්භ කිරීමට නියමිත කායික රෝග මහාචාර්ය ඒකකය සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකකය සමඟින් වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව සඳහා අවශ්‍ය වන මහාචාර්ය ඒකක පහම  කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ  ස්ථාපිත වෙයි.

මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ මේ විට වර්ෂ හතරකට අදාල වෛද්‍ය සිසුන් 400 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු වල නිරතව සිටින අතර එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු කරන වෛද්‍ය සිසුන් සිය දෙනකුට අවශ්‍ය වන  මහාචාර්ය පුහුණුව ලබා දීමෙි කටයුතු මෙම මාසයේදීම ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි මෙම මහාචාර්ය ඒකක ස්ථාපිත කරන ලද බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.



අදහස් (1)

නාගොඩ රෝහලට අලුත් මහාචාර්ය ඒකක දෙකක්

B.V. Priyantha Wednesday, 03 September 2025 04:19 PM

කරුණාකර අලුත් පින්තූරයක් ගන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site