IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


චීනයේ යන කරාතේ ක්‍රීඩක වීසා පමාව ගැන විමර්ශනයක්

(අංජුල මහික වීරරත්න)

චීනයේ පැවැත්වෙන 2025 යොවුන් කරාතේ තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිතව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නියමිත කාලයට වීසා බලපත්‍රය සහ ගුවන් ටිකට්පත් ලබා නොදීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.

අදාළ ප්‍රමාදයන් නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී මුහුණ දීමට සිදු වූ අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කරන බවතරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

ක්‍රීඩා තරඟාවලි සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටත් කර හැරීමේ සම්පූර්ණ වගකීම අදාළ සංගමය සතු අතර නියමිත කාලය තුල දී වීසා බලපත්‍රය සහ ගුවන් ටිකට්පත් ලබාගැනීම සම්මෙලනයේ අදාළ බලධාරින්ගේ වගකීමක් වන බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

මෙලෙස නොසැලිකිලිමත් ලෙස ක්‍රීඩකයන් අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කිරීම පිළිබඳ අදාළ පර්ශවයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශය කියයි.

 



අදහස් (3)

චීනයේ යන කරාතේ ක්‍රීඩක වීසා පමාව ගැන විමර්ශනයක්

එඩී Wednesday, 03 September 2025 07:18 PM

පරම්පරා ගණනාවක සිහින බිඳ දැමූ, තාරුණ්‍ය කඩාකප්පල් කළ, ඔවුන්ගේ අනාගතය කුඩුපට්ටම් කළ ජවිපෙය රට ආණ්ඩු කරන කොට මෙවන් දේ සිදුවීම අරුමයක් නොවෙයි.

:       41       8

Bunny Preena Thursday, 04 September 2025 08:52 AM

හිස උදුම්මවා ගත්තූ කිසිම ක්‍රීඩාවක් ගැන කිසිම දැනුමක් නැති එවුන් ටිකක් තමයි මෙවැනි අඩත්තේට්ටම් කරන්නේ. ඔවුන්ගේ පස්ස පැත්තට දෙකක් දීලා ඇලවලා දාන්න තියන්නේ.

:       0       3

Perera Thursday, 04 September 2025 10:09 AM

ඕකේ පිටිපස්සේ පොහොට්ටුවට ගැතිකම් කරන කුහක නිලධාරී සෙට් එකක් ඉන්නවද බලන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 404 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16745 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site