
(අංජුල මහික වීරරත්න)
පාසල් වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛ අවලංගු කර නව චක්‍ර ලේඛ නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා පන්ති කාමරයක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමා තුළ පමණක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.
එබැවින්, අධ්‍යාපනය සඳහා රටේ සියලුම දරුවන්ට පවතින අයිතිය තහවුරු කරමින් පාසල් වල 5 සහ 6 වන ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණි වලට සිසුන් ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දීම සඳහා නිසි ක්‍රම වේදයක් හඳුන්වා දීම සුදුසු බව හඳුනා ගනු ලැබ ඇත.
එකී කරුණු සැලකිල්ලට ගනිමින්, අතරමැදි ශ්‍රේණි වලදී විවිධ හේතූන් මත දැනට ඉගෙනුම ලබන පාසලේ සිට වෙනත් පාසලකට ඇතුළත් වීමට සත්‍ය වශයෙන්ම අවශ්‍ය සිසුන් සඳහා ප්‍රමුඛතාව ලැබෙන පරිදි පාසල් අයැදුම් කිරීමෙ අවස්ථාව සලසා දීම පිණිස නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් පත් කරන ලද අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ද සැලකිල්ලට ගනිමින්, පාසල් වල 5 සහ 6 වන ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ව මේ දක්වා නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් අවලංගු කර ඒ සඳහා නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ විශේෂයෙන් පාසැල් වලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී පාසැල් වල ළමුන් ධාරිතාව සීමා කරන ලෙසයි. පාසල් වල උපරිම ළමුන් සංඛ්‍යාව 6 ශ්‍රේණියේ - 13 ශ්‍රේණිය ළමුන් 2000 ක් සීමාවේ පවත්වා ගන්නා ලෙසයි. එසේ සිද්ධ කිරීමෙන් ලංකාවේ 1. ජනප්‍රිය පාසැල් සංකල්ප බිදවැටෙනු ඇත 2. ගමේ පාසැල් වැසීයෑම නතර වනු ඇත 3. සෑම පාසලකටම එක සේ සම්පත් බෙදී යනු ඇත. (ගුරුවරුන්/යටිතල පහසුකම් සංවර්ධනය) 4. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ළමුන් හෙම්බත් කිරිම නතරවනු ඇත. සත්‍ය උදාහරණයක් -: මම 1ශ්‍රේණිය් - 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබුවේ අ/ග.බි/නිකවැව අනුර මහා විද්‍යාලයේ ය. මම 1998 අ:පො:සා: පෙළ විභාගයට පෙනී සිටින අවස්ථාවේ පාසලෙහි ළමුන් 2000 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලැබූ අතර මේ මොහොතේ(2025වන විට) එහි අධ්‍යාපනය ලබන්නේ ළමුන් 600 ක් අඩු ප්‍රමාණයකි .ඊට ප්‍රධානතම හේතුව වන්නේ පාසැල් වලට ද්විතීයික සංකල්පය හදුන්වා දීමත් සමග නිකවැව ප්‍රාථමික විද්‍යාලය සහ රත්මල් වැටිය ප්‍රාථමික විද්‍යාලය වසයෙන් පාසැල් 2 ක් ඇති විය. මෙම විදුහල් වල 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බහුතරයක් ළමුන් 6 ශ්‍රේණිය සදහා...