IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ශ්‍රී ලංකාවට ඊශ්‍රායලයෙන් ප්‍රතිලාභ ගොඩක්

(නිරෝෂණ ගොඩැල්ලගේ ඊශ්‍රායලයේ ජේරුසලමේ සිට වාර්තා කරයි)

ශ්‍රී ලංකාවට සහ ඊශ්‍රයලට ප්‍රතිලාභ ලැබෙන පරිදි ඉදිරි කාලයේදි ශ්‍රි ලාංකිකයන්ට ඊශ්‍රායලය රැකියා අවස්ථා බොහෝ ප්‍රමාණයක් විවෘත කරන්න සුදානම්, ඒ සදහා දෙපාර්ශවය අතර එකඟතාවයකට නුදුරු දිනකදි එළබිමට අපෙක්ෂා කරනවා බව ඊශ්‍රායල විදේශ අමාත්‍යංශයේ ආසියා කටයුතු කාර්යංශයේ ප්‍රධානි සගි කැලි මහතා පැවසීය.

ශ්‍රී ලංකාව නියෝඡනය කරමින් ඊශ්‍රාලයට පැමිණ සිටින එරට මාධ්‍යවේදීන් කණ්ඩායම එරට විදේශ අමාත්‍යංශයට ගිය අවස්ථාවේදි සගි කැලි මහතා මේ බව පැවසිය.

එම විශේෂ සාකච්ඡාවේ දි, ශ්‍රි ලංකාව සහ ඊශායලය අතර ද්විපාර්ශික සබදතා තව දුරටත් වර්ධනය කර ගැනිමට හැකියාවක් පවතින බව පැවසු කැලි මහතා විශේෂයෙන් සංචාරක කෘෂිකාර්මික යන ක්ෂේත්‍රයන්ට ඉදිරියේදි දෙරට අතර සබන්දතා තව දුරටත් තහවුරු කර ගත යුතු බව පැවසිය.

ඒ වගෙම ජල කලමනාකරණය සහ අධි තාක්ෂණය පිළිබදව ඊශ්‍රායලය සතු දැනුම බෙදා බෙදා ගන්න සුදානමින් සිටින බව කැලි මහතා පැවසිය.

වාරි තාක්ෂණය පිළිබඳව දිගු ඉතිහාසයක් ඇති ශ්‍රි ලංකාවට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රටාව විශේෂයෙන්ම භෝග වගාව සහ ජලතාක්ෂණය පිළිබඳව ඊශ්‍රාය සතු මහඟු අත්දැකීම් ශ්‍රි ලංකාවට බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැකි බව කැලි මහතා පැවසිය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්ධනයට ඊශ්‍රායලය දක්වන දායකත්වය අති විශාල බව හෙතෙම පැවසීය.

 



අදහස් (3)

ශ්‍රී ලංකාවට ඊශ්‍රායලයෙන් ප්‍රතිලාභ ගොඩක්

බද්රානි Wednesday, 03 September 2025 07:29 PM

ඊශ්‍රායලය වැනි රටක් සමග ගිවිසුමකට හෝ ව්‍යාපෘති වලට වලට එළඹීමට හැකි නම් එය ලංකාවට විශාල ප්‍රතිලාභ ගෙන දෙන්නක්... නමුත්, ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනතාව දෙස වෛරයෙන් බලන ලංකාවේ සමහරක් අම්බරුවන්, ඊශ්‍රායලය කෙරෙහි දැඩි වෛරයකින් හා පලස්තීන හා ඉරාන ත්‍රස්තවාදී කල්ලි වලට දැඩි ආලයක් දැක්වීම මට නම් හිතාගන්න බැරි කරුණක්.. මේ වගේ මෝඩ ජාතියකට, ඊශ්‍රායල් වැනි බුද්ධිමත් ජාතියක් සමග එකට වැඩ කිරීමට ලැබෙනවා නම්, ඒකත් අපි ලබන වටිනා අත්දැකීමක්.. වත්මන්, රජය ලංකාවේ අන්තවාදී මුස්ලිම් ඡන්ද දිනා ගැනීමේ පටු අරමුණින් මෙවැනි ඊශ්‍රායල් ව්‍යාපෘති මගහරින එකක් නැහැ කියලයි මම නම් හිතන්නේ...බුරන බල්ලන්ට සවන් නොදී තවලම ඉදිරියට යාමයි සිදුවිය යුත්තේ..

:       50       11

Nihal Dharmatileke Wednesday, 03 September 2025 07:36 PM

රැවටෙන්න එපා, එහෙම වුණොත් පලස්තීනයට අත්වුණු ඉරණම ලංකාවට වෙනවාමයි. යේසුස් ක්‍රිස්තුස් යුදෙව්වෙක් නිසා... සමහර ක්‍රිස්තියානුවන් ඊශ්‍රායලයට සහාය දක්වනවා. ඔවුන් පලස්තීනයේ බූමිය බලෙන් අයිතිකර ගනිමින් තිරිසන් ජාතියක් වගේ වැජඹෙන කොට මම කතෝලිකයෙක්...

:       8       27

Chinthaka Wednesday, 03 September 2025 08:38 PM

ප්‍රවේශමෙන් !!! ඊස්රායල් කාරයෝ කියන්නේ කිසිම දවසක විශ්වාසය නොතැබිය යුතු සත්ව විශේෂයක්. එදා යන්න එන්න තැනක් නැතිව හිටපු යුදෙව් අහිකුන්ටකයින්ට අරාබි කාරයන්ට අයත් පලස්තීනය බටහිර රටවල උදව්වෙන් අල්ලාගත් මුන් තමයි අරාබිකාරයන්ව ත්‍රස්තයින් කලේ.දැන් බටහිර රටවල්වල ජනතාවට යුදෙව්වන්ව පෙන්න බැහැ ..ඉතිහාසය ආයෙත් රිටර්න් වෙමින් පවතින්නේ.අපේ රටේ යුද්ධය තිබූන කාලයේ රජයට වෙගේම කොටින්ටත් මුන් ආයුධ දීලා දෙපැත්තෙන්ම හම්බකරගත්තා. දැන් ප්‍රශ්නය අනාගතයේදී සමහරවිට මුන්ට යන්න තැනක් නැතිවුනොත්... "දෙවියෝ පොරොන්දුවුන දේශය " කියලා ලංකාවේ පැලපදියම් වෙන්නත් බැරි නැහැ ..ඒ මදිවට දැන් අරුගම්බේ වගේ තැන්වල චන්ඩි පාට් දාන්නත් පටන් අරගෙනලු. නියපොත්තෙන් කඩන්න හැකිදේ පොරොවෙන් කපන්න නොතියන්න රජයේ බලධාරීන් සිතාගත යුතුයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site