සුළු පරිමාණ නිෂ්පාදකයන්ගෙන් රෝහල් වලට ශල්‍ය ගෝස් 2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ශල්‍ය ගෝස් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 April 2025
අගමැති අතිරේක ලේකම් පත් කරයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 April 2025
බටලන්ද විවාදය ලබන 10වැනිදා බටලන්ද වධකාගාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (2) තීරණය කළේය. 02 April 2025
බැක්ටීරියා ප්‍රතිකාර බේතක ලංසුව පිරිනමයි කොලිස්ටිමෙතේට් සෝඩියම් එන්නත 1,000,000 IU වයල් 150,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 02 April 2025
සුපිරි වෙළදසැල් ශාඛා 23කට නඩු උත්සව සමය තුළ වෙලදපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි සුපිරි වෙළදසැල් 23 ක් වටලා නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 02 April 2025
සම්බාධක ගැන බලන්න ඇමති කමිටුවක් එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙකු වෙත සම්බාධක පැනවීම ගැන ඉදිරි පියවර ගැන වාර්තාවක් සැකසීම සඳහා අමාත්‍ය කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 02 April 2025
මැතිසබේ වැටුප් කප්පාදුව: සේවක සංගම්වලින් කතානායකට පැමිණිල්ලක් පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පැමිණිලි කර ඇත. 02 April 2025
වැඩි කළ අස්වැසුම පාර්ලිමේන්තුවට සංශෝධිත අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 April 2025
සංස්කෘතික අධ්යක්ෂ පත්කරයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 April 2025
විදුලි පනත යළි සලකා බලයි දැනට ක්‍රියාත්මක විදුලිබල පනත යළි සලකා බැලීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 April 2025
යාපනයට පාස්පෝට් කාර්යාලයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 April 2025
මියන්මාරයට සහන දෙන්න කැබිනට් අනුමැතිය මියන්මාරයේ සිදු වූ භූකම්පනයෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 April 2025
’’ඉන්දු - ලංකා ඒකාබද්ධ නිවේදන අනුව වැඩ කරන්න’’ මේ මොහොතේ ඉන්දියාව සහ ලංකාව අතර සබඳතා තවත් ශක්තිමත් කර ගැනීම සඳහා 2023 සහ 2024 වසරවල එළඹුණු ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ නිවේදන අනුව ක්‍රියා කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කරමින් පැවසීය. 02 April 2025
ආයුර්වේද සංස්ථාවේ කෝටි 02ට විද්ද එකම පවුලේ 03ක් අත්අඩංගුවට ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවට අයත් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සංස්ථාවේ ගිණුම් සහකාර කළමනාකරුවෙක් සහ කාන්තාවෝ දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 02 April 2025
පුවත්පත් මණ්ඩලයේ නියමුවෝ පත් වෙති ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයෙක් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් පත් කරනු ලැබ සිටිති. 02 April 2025
රක්ෂණ අනතුරු වන්දියෙන් මගඩියක් ඇතැම් රක්ෂණ සමාගම් හදිසි අනතුරු රක්ෂණ වන්දි නියම තක්සේරු වටිනාකමට ගලපා ලබාදීම පැහැර හරින තත්වයක් පවතින බව රක්ෂණ ප්‍රතිලාභීහු රජයට පෙන්වා දෙති. 02 April 2025
ඇඹිලිපිටිය ප්‍රා.ස.හිටපු නිලධාරීන් පිරිසක් රිමාන්ඩ් සබරගමු පළාත් සභාවට අදාල ව්‍යාපෘති 77 කට අදාලව රුපියල් 71,645,226.32 ක සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිධාරීන් කිහිප දෙනකු මේ මස 08දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා නියෝග කළේය. 02 April 2025
දේශබන්දු ඉවත් කරන යෝජනාව අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව අප්‍රේල් 8 වැනිදා සම්මත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 02 April 2025
සහල් රටින් ගේන්න ආහාර කමිටුව නිර්දේශ කරයි පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ. 02 April 2025
කෝටිපති නිවසට පැන රන්බඩු සොරගත් අයෙක් මාට්ටු දෙහිවල කළුබෝවිල ශ්‍රී වන රතන පාර කෝටිපති ව්‍යාපාරික නිවසකින් රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික වටිනා රන් ආභරණ සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 02 April 2025
’’බස් ගාස්තු ජූලි ඉහළ යනවා’’ බස් ගාස්තු ලබන ජූනි මාසයේ අනිවාර්යෙන්ම සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බාස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2) පෙරවරුවේ පැවසීය. 02 April 2025
අවුරුදු දෙකේ දරුවා බසයට බිලි ලංගම බසයකට යටවී අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවෙකු අද (02) මියගොස් ඇති බව කළුතර පොලිසිය පවසයි. 02 April 2025
එස් එම් රංජිත්ට වසර 16ක සිර දඬුවමක් උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම් රංජිත් මහතාට සහ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රෙස්නට වසර 16ක බරපතල වැඩ සහිතව සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ මහතා අද(02) නියම කළේය. 02 April 2025
බසයට හානි කළ සෙබළා අත්අඩංගුවට බණ්ඩාරවෙලදී ලංගම බස් රථයකට පහර දී අලාභ හානී සිදු කිරීම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 02 April 2025
සිහි මූර්ජා වී සිටි කත ළඟ උණ්ඩ-ගිනි අවි වත්තල හේකිත්ත පාරේ කාමර කුලියට ලබාදෙන නවාතැන්පොළක නාන කාමරයක් තුළ සිහි මුර්ජා වී වැටී සිටි කාන්තාවක් සිහිගන්වා පරික්ෂාකර ප්‍රශ්න කිරීමේදී විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ඇයට ලබා දුන් ටි 56 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ තොගයක් සහ අයිස්මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බව වත්තල පොලිසිය කියයි. 02 April 2025
පළාත් කීපයකට මිලි මීටර් සියය ඉක්ම වූ තද වැසි දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 02 April 2025
මැතිවරණ වැඩ අනිද්දා තෙක් වළක්වන නියෝගයක් කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව මැතිවරණය පැවැත්විමේ කටයුතු ඉදිරියට කරගෙන යෑමෙන් 03 වැනි දින තෙක් වළකින ලෙස දැනුම් දෙන්නැයි අභියාචනාධිකරණය අදාළ තේරීම් භාර නිලධාරීන්ට අද නියෝග කළේය. 01 April 2025
ඇල්ලේ නායයෑමෙන් රථවාහන ධාවනයට බාධා ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . 01 April 2025
අකිල එජාප උප නායක ධූරයට එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ. 01 April 2025
ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක් අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංවර්ධන පනත උල්ලංඝනය කරමින් බව උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ සභාපති පී බී දිසානායක මහතා පැවසීය. 01 April 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026